සිද්ධාර්ථ් මල්හෝත්‍රාගේ දකුණු ඉන්දියානු පෙම්වතිය

පරම් සුන්දරී කියන්නේ සිද්ධාර්ථ් මල්හෝත්‍රා සහ ජාන්වී කපූර් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටියයි. මේ චිත්‍රපටිය දකුණු ඉන්දියානු තරුණියක් හා උතුරු ඉන්දියානු තරුණයෙක් අතර ඇතිවන ආදර කතාවක් පාදක කරගෙන නිර්මාණය වෙලා තියෙනවා. සිද්ධාර්ථ් මල්හෝත්‍රා දිල්ලියෙන් පැමිණි පරම්ගේ නැමැති තරුණයාගේ චරිතයත්, ජාන්වී කපූර් කේරළයෙන් පැමිණි  සුන්දරීගේ නැමති තරුණියගේ චරිතයත් නිරූපණය කරනවා.

 මෙම චිත්‍රපටිය තුළ ජාන්වීගේ මලයාලම් භාෂා භාවිතය ගැන සිනමා රසිකයෝ ඉතා ප්‍රශංසා කරනවා.  සිනමා රසිකයන්ගේ අදහස වන්නේ, ඇයගේ මව වන අතිදක්ෂ සිනමා නිළියක් වූ ශ්‍රී දේවි දකුණු ඉන්දියානු සිනමාව තුළ කළ සේවය ඇය මෙම චරිතය තුළ සිහිගන්වන බවයි. 

තුෂාර් ජලෝටා අධක්ෂණය කරන දිනේෂ් විජාන් නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටිය 2025 ජූනි මස 25 වනදා තිරගත වීමට නියමිතව තිබුණත් හේතු කිහිපයක් නිසා එම තිරගත වීම කල්දැමීමට නිෂ්පාදකයන්ට සිදු වුණා. පසුගිය අගෝස්තු මස 29  වනදා පරම් සුන්දරී චිත්‍රපටිය සිනමාශාලා වල තිරගත වීම ඇරඹුණු අතර මෙම චිත්‍රපටයට මේ වන විට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බවයි වාර්තා වන්නේ.

සටහන - සුහංසි වීරසිංහ

ස්ට්‍රච්මාක්ස්  වලට තිත Read Previous

ස්ට්‍රච්මාක්ස් වලට තිත

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Next

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

Realted Post

Leave a comment