සිනමාවට එන එක මට තිබුණු පුංචි හීනයක්

 

නව පරපුරේ රංගන ශිල්පිනියක් වන සංජානා ගමආරච්චි මේ දිනවල ටෙලි නිර්මාණ ගණනාවකින් ඔබේ ආලින්දයට ගොඩවෙනවා. මේ සටහන මෙවර සිරිකත සරසන සංජනා සමග කළ කෙටි කතාබහකින් සැකසෙනවා. 

 


 කොහොමද අලුත් තොරතුරු? 
සතුටින් ඉන්නවා කියන්න බැහැ. අපි හැමෝම මුහුණ දීලා තියෙන්නේ අතිශය දුෂ්කර කාල වකවානුවක අර්බුද ගණනාවකට මැදිවෙලා තමයි කලා කටයුතු කරගෙන යන්නේ.
සංජානා මේ දිනවල නිර්මාණ කිහිපයකම දකින්න ලැබෙනවා, කොහොමද ඒ චරිතවලට ලැබෙන ප්‍රතිචාර?
මම රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශනය වෙනවා.  ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි සහ හරිම ආදරණීය යි. 

 


 සංජානා පුංචි තිරයේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ දඟකාර, කටකාර චරිතවලින්? 
මගේ පෙනුම සහ කතා විලාසයට වෙන්න ඇති මට ඒ වගේ චරිත ලැබෙන්නෙ. හැබැයි මට ලැබෙන චරිත දඟකාර වුනත් චරිත එකිනෙකට වෙනස් විදිහට සමබරව කරගෙන යෑමේ හැකියාව මට තිබෙනවා. මම කොහොමත් එකම චරිතයට කොටු වෙන්න කැමැති නැහැ.

 


කොහොමද කලාවට එන්න පාර හදාගන්නේ? 
මට රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ අවුරුදු කුමාරි තරගය හරහා. පුංචි කාලේ ඉඳලාම ගොඩක් ආසාවෙන් හිටියා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. අවුරුදු කුමාරි තරගය නිසා ඒ හීනය සැබෑ කරගන්න හැකියාව ලැබුණා.

 


 කොහොම වුණත් සංජානා වැඩිපුරම ජනප්‍රිය වුණේ සමාජ මාධ්‍ය හරහා කිව්වොත්? 
ටෙලි නාට්‍යවලට දායක වුණු මුල් කාලේ ඉඳලම ප්‍රේක්‍ෂක ජනප්‍රියත්වය ලැබුණා. යූ ටියුබ් නාලිකාව පටන් ගත්තට පස්සේ ඒ ජනප්‍රියත්වය තවත් වැඩි වුණා. නාලිකාව පටන් අරන් මාස 3 ක් වගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂය සම්පූර්ණ කරලා සිල්වර් බට්න් එකක් ලැබුණා. මගේ ආදරණීය රසිකයින් නිසා තමයි හැමදේම ලැබුණේ. මම කවදත් කෙලින් ඕනම දෙයක් කතා කරන කෙනෙක්. ඒ දේවල්වලට හොඳ වගේම ඕන තරම් විවේචනත් ඇවිත් තියෙනවා.

 


 වැඩිපුරම කැමති ටෙලි නාට්‍යයටද සිනමාවටද? 
මම මුලින්ම ආවේ පුංචි තිරයට. සිනමාවට එන එක මට තිබුණු පුංචි හීනයක්. ඒ හීනයත් ඉදිරියේදී සැබෑ වෙන්නයි යන්නේ.

 


 මේ වෙනකොට සංජානාගේ ප්‍රධාන වෘත්තීය රංගනයද?
නිවේදනය, හඬ කැවීම් කරනවා. ප්‍රධානම රඟපෑම තමයි.

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්


 

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment