සූර්යාට ආදර Vacancy තියෙනවා
ජනප්‍රිය ගායකයකු වගේම නළුවෙක් වන සුර්යා දයාරුවත් මේ දිනවල කාගේත් සිත්ගත් චරිතයක්.
හත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන සූර්යා කුඩා කාලයේ සිට සංගීතයට උපන් හපන්කම් දැක්වූ නිසාම ඔහුගේ උසස් අධ්‍යාපනයත් සිදු වන්නේ සංගීත අංශයෙන්.

සිරිකත Online කතාව විත් අශ් වැඩසටහනට සම්බන්ද වෙමින් ඔහු පැවසුවේ, සංගීතය තමන්ට ලැබුණු දායාදයක් සහ රංගනය අහඹුවක් බව. "ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සමනල සංධවනියට මාව තෝරා ගත්තට. රංගනය පැත්තෙන් ප්‍රේක්ෂකයින් පිරිසක් මට ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ." ඔහු තම රංගන ආගමනය ගැන දැක්වූයේ එවන් අදහසක්.
ජිවිතේ අපි මුහුණ දෙන ප්‍රශ්න, බාධක, විරහව ආදී විවිධ හැලහැප්පීම් සම්බන්දයෙන් ඔහුට තිබ්බේ මෙවැන්නක්. "අපිට එන හොද නරක දෙකටම අපි මුහුණ දෙන්න ඕන. අපිට එන නරක දේවල්වලට හරියට උත්තර දෙන්න අපි දැනගෙන ඉන්න ඕනේ. නරක වෙනවා කියලා ඒකෙන් මානසිකව වැටිලා, විඳවලා, ඒකට උත්තරයක් හොයාගන්න බැරුව ජීවිතේම විනාශ වෙන්න දෙන්න බැහැනේ. ඒ නිසා ජිවිතයට හොඳ නරක දෙකම එන්න ඕනේ. නරක කියන දේ මොකක්ද කියලත් අපි දැනගන්න ඕනේ. ජය පරාජය දෙකම ජීවිතේට දැනෙන්න ඕනේ, නැත්නම් වැඩක් නෑ, විරහවත් විඳින්න ඕනෙ, නැත්නම් වැඩක් නෑ. ඒ,ඒ කාලවලදි ලැබෙන අත්දැකීම් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න ඕන. අපේ අභ්‍යන්තරය හොඳ වෙනකොට කවදාවත් අපිට වරදින් නැහැ කියලා මම විශ්වාස කරනවා".
ඒවගේම ගායකයෙකුට මෙරට ඇති ස්ථාවරය ගැන සූර්යා කිවුවේ "හරි විදිහට තමන්ගේ වටිනාකම හදාගන්නවා නම් ලංකාවේ ස්ථාවරයක් හදාගෙන ගේමක් ගහන්න අනිවාර්යෙන් පුලුවන්". යනුවෙන්.
බොහෝ කතා අතර ආදරය ගැනත් අපි අහන්න අමතක කළේ නැහැ. "ආදරය හරි සුන්දරයි. ආදරේ හරි ලස්සනයි. ආදරේ විඳිය යුතුම දෙයක්. ආදර වැසි මේ දවස්වල නැහැ". ඔන්න ඉතිං ඒක නම් සූර්යාට ආදරේ කරන රසිකාවියන්ට සතුටක් ගෙන දෙන උත්තරයක් වේවි.. සුර්යාගේ අලුත් විස්තර ගැන වැඩිදුර දැනගන්න කැමති අයට සිරිකත Online කතාව විත් අශ් වැඩසටහන නරඹන්නත් පුලුවන් ....
අශන්ති වරුණසුරිය

Leave a comment