සෝමසිරි මැදගෙදර

රසික හිත් ගීතයෙන් පිනවූ ඒ ආදරණීය හඬ ඔබට මතක ඇති. සෝමසිරි මැදගෙදර නම් ඒ සුමිහිරි හඬ පෞරුෂයට අදටත් පෙම් කරන රසිකයන් පිරිස අප්‍රමාණයි. සිරිකත Online අපි මේ ඉඩකඩ වෙන් කළේ ඔහු සමග 
ඉතින් කොහොමද සැප සනීප?
සුවෙන් සතුටින් කාලයගත කරනවා. මේ දිනවල නම් ඉතාම කාර්යයබහුලයි. 
ටික කාලයක් ගායන ක්ෂේත්රයෙන් ඈත් වෙලා හිටියා නේද?
ඇත්තටම ඔව්. පසුගිය කාලේ මම අසනීප තත්ත්වයෙන් හිටියේ. ඒ නිසා ක්ෂේත්රයෙන් ටිකක් ඈත් වෙලා ඉන්න සිදු වුණා. 
කාලයෙන් කාලයට ගායන ක්ෂේත්රයේ විවිධ රැළි මතු වෙනවා. මේ ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ඒක හොඳයි. මේ ක්ෂේත්රය එකම තැන පල් විය යුතු නැහැ. විවිධත්වයක් තිබිය යුතුයි. 
රටේ ඇති වී තිබෙන අර්බුද තත්ත්වය කලා ක්ෂේත්රයටත් බලපා තිබෙනවා නේද?
ඔව්. අද වෙද්දි ගීතයක් නිර්මාණය කරන්න ලොකු වියදමක් දරන්න වෙනවා. මේ තත්ත්වය එක්ක කලාකරුවන් ගොඩාක් අසරණ වෙලා තියෙනවා. රසිකයන් වෙනුවෙන් හොද නිර්මාණ කරන්න අවශ්ය වුණත් ආර්ථික ගැටළු නිසා සියල්ල අඩපණ වෙලා කියලයි මට හිතෙන්නේ. මෙය කලාවේ අනාගතයට විශාල බලපෑමක් වෙනවා.
ළගදීම ඔබේ ප්රසංගයක් පවත්වන්න යනවා කියන්නේ ඇත්ත ද?
මගේ සංගීත දිවියට වසර 45 සම්පූර්ණ වීම නිමිත්තෙන් මේ මාසේ 24 වැනිදා සවස 6.30ට මහරගම යොවුන් රඟහලේ දී “ඉස්සර බැඳි පෙම” නමින් ප්රසංගයක් පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා මගේ රසිකයන් හැමදෙනාටම ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා.
සටහන: තක්ෂිලා පතිරණ

සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරු පර්යේෂණ ඒජන්සියක සංචාරය Read Previous

සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරු පර්යේෂණ ඒජන්සියක සංචාරය

සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරු පර්යේෂණ ඒජන්සියක සංචාරය Read Next

සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරු පර්යේෂණ ඒජන්සියක සංචාරය

Realted Post

Leave a comment