හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

තායිලන්තයෙන් නව කටුසු විශේෂයක් හමුවී ඇත. විද්‍යාඥයන් මෙම කටුස්සන් නම් කර ඇත්තේ, අතිශය ජනප්‍රිය, ‘හවුස් ඔෆ් ඩ්‍රැගන්’ කතාමාලාවේ දැකිය හැකි මකරකුගේ නමින් වීම විශේෂත්වකි.

‘හවුස් ඔෆ් ඩ්‍රැගන්’ කතාමාලාවේ රෙනේරා ටාගේරියන් රැජිනගේ මකරා ‘සයිරැක්ස්’ ය. විද්‍යාඥයන්, අලුතින් හමුවුණු මෙම කටුස්සා විද්‍යාත්මකව නම් කර ඇත්තේ අකැන්තොසෝරා සයිරැක්ස් යන නමිනි.

‘හවුස් ඔෆ් ඩ්‍රැගන්’ කතාමාලාවේ ‘සයිරැක්ස්’ මකරා, කහ පැහැති, කතාමාලාවේ දැකිය හැකි අනෙක් මකරුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා, මෙන්ම පැටවුන් විශාල ප්‍රමාණයක් බිහි කළ මකරෙකි.

අලුතින් හමුවුණු මෙම කටුස්සාට ‘සයිරැක්ස්’ යන නම තැබීමට පර්යේෂකයන් පෙළඹී ඇත්තේ ද උගේ ඇති කහ පැහැයට හුරු පැහැය, සෙසු කටුස්සන් විශේෂයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වීම සහ වරකට විශාල බිත්තර ප්‍රමාණයක් දැමීමේ හැකියාව නිසා යැයි පැවැසෙයි.

අකැන්තොසෝරා සයිරැක්ස් යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වුවත්, මෙම කටුස්සාගේ සාමාන්‍ය නම වන්නේ ‘සයිරැක්ස් කඳුකර අං කටුස්සා’ යන්නය.

මෙම කටුස්සන් විශේෂය හමු වී ඇත්තේ තායිලන්තයේ මැයි වොං නමැති උස් කඳුකර වනාන්තර ප්‍රදේශයෙන් පමණයි. බෙල්ල සහ පිට කොන්ද දිගේ විහිදුණු කටු සහිත වැටියක් සහිත මෙම කටුස්සන් විශේෂය සොයා ගැනීමත් සමඟ අකැන්තොසෝරා කුලයට අයත් හඳුනාගත් කටුස්සන් සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම කටුස්සා වෙසෙන දුෂ්කර කඳුකර පරිසර පද්ධතිය සහ උගේ ගහනය ආරක්ෂා කර ගැනීම සඳහා විද්‍යාඥයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රදේශයට වැඩි ආරක්ෂාවක් සපයන ලෙසය.

එමෙන්ම, ඉදිරියේදී සිදු කරන පර්යේෂණ මගින් මෙම විශේෂයේ ව්‍යාප්තිය සහ එම කඳුකර ප්‍රදේශයේ වෙසෙන තවත් මෙතෙක් හමු නොවූ දුර්ලභ සතුන් සොයා ගැනීමට හැකි වනු ඇති බවට විද්‍යාඥයන් විශ්වාස කෙරේ.

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Previous

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා Read Next

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා

Realted Post

Leave a comment