හැරී පොටර් කතා මාලාව අලුත් වෙමින් වෙනස් වෙන්නයි යන්නේ...

මේ කියන්න යන්නේ ඔබ කවුරුත් ආදරය කරන ඒ කතාමාලාව ගැන තවත් එක ආදරණීය කතාවක අලුත් වීමක්... 

"හැරී පෝටර්" ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන මේ ආදරණීය කතා පෙළ නැවතත් අලුත් වෙන්න යන බව ඔබ අප කවුරුත් දන්නා කතාවක් නේ. 

මෙන්න බලන්නකෝ ඉතින්,  අලුතෙන්ම කරලියට එන මේ පුංචි හැරී පෝටර්ගේ ඡායාරූපයක් මේ වෙද්දී සමාජ මාධ්‍යවලට නිකුත් වෙලා තියෙනවා.

J.K.Rowlingගේ ආදරණීය පොත් එකතුවෙන් නිර්මාණය වන මේ නව කතා මාලාව තුළ, ප්‍රධාන චරිතය වන හැරී ලෙස රංගනයෙන් එක්වෙන්නේ , ඩොමිනික් මැක්ලොෆ්ලින්යි.

රොන් වීස්ලි ලෙස ඇලස්ටෙයාර් ස්ටවුට් සහ හර්මියොන් ග්‍රේන්ජර් ලෙස අරාබෙල්ලා ස්ටැන්ටන් සමඟ තෝරා ගන්නා ලද්දේ වයස අවුරුදු 9-11 අතර බ්‍රිතාන්‍ය දරුවන්.

 බොහෝ දෙනෙක් මෙහි රංගනයේ යෙදීමට අවස්ථාව හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සටහන - කසුනි විජේසිංහ

01 ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹෙයි Read Previous

01 ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹෙයි

ප්‍රබල මත් ද්‍රව්‍ය  ජාවාරම් කාරියක් අත්අඩංගුවට Read Next

ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම් කාරියක් අත්අඩංගුවට

Realted Post

Leave a comment