’’කවදාවත් බෙදීම්වලට ඉඩ තියන්නේ නැහැ’’

මෙවර පාර්ලිමේන්තුව සඳහා සියලුම පක්ෂ නියෝජනය කරමින් කාන්තාවන් 22ක් තේර් පත් විය. 

වැඩිම මනාපගත් මන්ත්‍රීවරිය බවට පත්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මනාප 655,289ක් දිනා ගත්තාය. පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රීවරීයන් අතර ළාබාලතම කාන්තාව වන්නේ 1995 වසරේ උපන් හසාරා ලියනගේ ය. සමස්ත කාන්තා මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණීමට සරෝජනී පෝල්රිජ් සමත් වූයේ මනාප 148,379ක් ලබා ගනිමිනි.

පාර්ලිමේන්තු ඉතිහාසයේ සලකුණක් තබමින් මෙවර පළමු වරට කඳුකරයෙන් කාන්තාවක් තේරී පත් විය. ඒ වතුකරයේ පීඩිත ජීවිතයෙන් පන්නරය ලැබූ අම්බිකා සැමුවෙල්ය. ඇය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තාය.

මනාප ඡන්ද 58,201ක්ද ලබා ගැනීමට සමත්වීම වතුකරයේ පීඩිත ජනතාව ලැබූ විජයග්‍රහණයක් ලෙස සඳහන් කළ යුතුමය.

දේශපාලන ගමනට අම්බිකා සැමුවෙල් අත්පොත් තබන්නේ වසර හැත්තෑ හයක් තිස්සේ වතුකරයේ කම්කරු ජනතාව දැඩි ලෙස මුහුණ දුන් ප්‍රශ්න ගැටලු සහ පීඩා පිළිබඳව සමාජය දැනුවත් කරමින්ය. පසුගිය දිනක ඇය අශාන්ති වර්ණසුරිය විසින් සිදු කරන ලද ලංකාදීප Online රතු කට්ට දේශපාලන කතිකාවට සහභාගි වූ අතර මේ සටහන සැකසෙන්නේ එහිදී ඇය කරන ලද අදහස් දැක්වීම්ද එක් කරගනිමිනි.

" අපේ වතුකරයේ තරුණ තරුණියන් කොටු කරලා තිබුණේ. අපි ඒ රාමුව කැඩුවා මින් ඉදිරියට හොඳ නායකයන් පිරිසක් කඳුකරයෙන් වගේම අනෙක් ප්‍රදේශවලිනුත් බිහිවේවි. විශේෂයෙන් ම කාන්තාවන් කුස්සියට ම කොටු කරලා හිටියේ. ඒ අයට හොඳ හැකියාවක් තියෙනවා. අපි මේ තැබූ පියවර නිසා හොඳ නායකත්වයක්, හොඳ කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවෙත් අනෙක් තැන්වලත් හැදේවී " ඇය එහිදී කීවාය.

තිස්හය හැවිරිදි අම්බිකා සැමුවෙල් ඉතා හොඳින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හසුරුවන උගත් දක්ෂ කාන්තාවකි. ඇය උපකාරක පන්ති ගුරුවරියක් ලෙසද සේවය කර ඇති අතර සමාජ ක්‍රියාකාරිනියක් ලෙසද පුද්ගලික අංශයේ ද සේවයේ කර ඇත.

"හිතන්න එපා වතුකරයේ ඉන්නේ දලු කඩන අය විතරයි කියලා අපි නැගිටල ඉවරයි. අප අතර උගත් බුද්ධිමත් අය ඉන්නවා "

ඇය නිරතුරු පැවසූ මේ ප්‍රකාශය මහ මැතිවරණයට සුදානම් වන කාලවකවානුව තුළ සමාජ මාධ්‍යයේ බෙහෙවින් ජනප්‍රිය විය.

වතුකරය නියෝජනය කරන සාම්ප්‍රදායික දේශපාලනඥයන්ගේ හා ඇය ගෙනයන දේශපාලන ගමනේ වෙනස සම්බන්ධයෙන් ඇය මෙලෙස අදහස් පල කලාය

සටහන -  කසුනි විජේසිංහ 

හිතටත් ගතටත් වද දෙන නඟන Read Previous

හිතටත් ගතටත් වද දෙන නඟන

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි. Read Next

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි.

Realted Post

Leave a comment