2025 බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත වෙයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය,  ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි වෙසක් කලාපය මැයි 12 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් විවෘත විය. 

මෙහිදී අග්‍රාමාත්‍යවරිය පළ කළ අදහස්, 

"විවිධ ජාතීන් වෙසෙන කොළඹ නගරයේ සියලුම දෙනා සාමුහිකත්වයෙන් පවත්වන මෙම බුද්ධ රශ්මි වෙසක් කලාපය සුවිශේෂී වෙනවා.  කොළඹ නගරය තුළ තියෙන ආගමික සහජීවනය මේ සදහා ඉතාම වැදගත් වෙනවා. මෙම සහජීවනය නිසාම තමයි අපිට විශාල දන්සල් ප්‍රමාණයක්, වෙසක් කලාප ප්‍රමාණයක් දැක ගන්න ලැබෙන්නේ. මේ දන්සැල් පවත්වන්නේ නගරයේ ඉන්න සියලු දෙනා එකතු වෙලා ඔවුන්ගේ මුදල් සහ ශ්‍රමය වැය කරලා. 

ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රබෝධය, බෞද්ධ සංස්කෘතිය හා ජාතික අනන්‍යතාවය අපේ රටේ බෞද්ධයන්ට පමණක් නොව විදේශීය බෞද්ධයන්ටද  විදෙස් සංචාරකයින්ට ද ලබාදීමට විහාරාධිකාරී කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ දරනු ලබන ප්‍රයත්නය අගය කළ යුතුයි. 

ඒ වගේම  ඊයේ කොත්මලේ ප්‍රදේශයේදී  සිදු වුණ බස් රථ අනතුරින් මියගිය පිරිස හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉතාම සංවේගයෙන් මේ මොහොතේ මතක් කරනවා. එමෙන්ම තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. 


මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිමිදුම සුනිල් සෙනෙවි මහතා, ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Previous

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ Read Next

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ

Realted Post

Leave a comment