2025 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

2025 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 

චාරිත්‍ර වාරිත්‍ර රැසක් පෙරටු කර ගත් සිංහල අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් කරගැනීම සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයෙන් ආරම්භ වන්නා වූ නැකත් චාරිත්‍රය අවසන් වන්නේ පැළ සිටුවීමේ චාරිත්‍රයෙහි එමෙන්ම මෙහි සඳහන් කෙරෙන සියලුම නැකැත් වේලාවන් දැනට සම්මත ඔරලෝසු වේලාවෙන් සකස්කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකත් කමිටුව විසිනි. එබැවින් මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ වලට නොවෙනස්ව භාවිත කළ හැකිය.

නව සඳ බැලීමේ චාරිත්‍රය

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වැනි ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වැනි බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවී.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්වභාග 321ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පූණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.57 සිට පසුදින එනම් 14 වැනි සඳුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 0321 සිට 14 වැනි සඳුදා පූර්වභාග 09 45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටුකිරීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 04.4 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක්ද, කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳ ද පිළියෙල කර ගැනීම මැනවී

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 06.44 ට මුතු හා ශ්වෙන වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්වභාග 09.04 ට පච්ච හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන්පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 09 03 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම

අප්‍රේල් මස 18 වැනි සිකුරාදා පූර්වභාග 10.16 ට විචිත්‍ර වර්ෂ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම Read Previous

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Next

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

Realted Post

Leave a comment