24 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

සාහිත්‍යය මාසය අරමුණු කරගනිමින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශන සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් 24 වන වරට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික  සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2023.09.22 වන දින එනම් ඊයේ දිනයේදී ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතාව වෙත විවෘත කරනු ලැබීය. ඒ සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශන  සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර ප්‍රමුඛ විශාල පිරිසක් එක්ව සිටි අතර එලෙස ඇරඹි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2023.09.22 සිට  2023.10.01 වන දින දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා පුරා දින 10 යක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්‍ ය.

ප්‍රදර්ශන කුටි 400කට අධික සංඛ්‍යාවක් සමන්විත මෙහිදී විජය පුවත්පතට විශේෂිතව වන කුටිය මඟින් සිරිකත පුවත්පතක් මිළදී ගැනීමෙන් වටිනා පොත් කට්ටල 100ක් හිමිකර ගැනීමට ඔබටත් හැකිය.

කඩදාසි මිල  පහළ යාමත් සමඟ විශේෂිත වට්ටමක් සහිතව එනම් 20% හා 30% වට්ටමක් සහිතව නවකතා,කවි පොත් ,අධ්‍යාපනික පොත් ඇතුළු ව විවිධ විෂයයන්ට අදාළ  ග්‍රන්ථ සේම කටු වැඩ කොළ,පෑන්,පැන්සල් ආදී උපකරණා සහන මිලකට ලබා ගැනීමට මෙමගින්  අවස්ථාව උදාකර දී ඇත.

රුපියල් 20 ක  ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන ප්‍රවේශ වීමට ඇති මෙම පොත් ප්‍රදර්ශනය නැරඹීමට ඊයේ දිනය පුරාවට  විශාල පිරිසක් එක් ව සිටියහ.ඒ සදහා සුප්‍රසිද්ධ ගත්කතුවරු රැසක් සහභාගී වූහ. මීට අමතර ව ළමුන් සහ වැඩිහිටියන් ද ඉලක්ක කරගනිමින් වැඩසටහන් කිහිපයක් ද පැවැත්විණි.
 
එමනිසා වසරකට වරක් ලංකාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය වන මෙම පොත් ප්‍රදර්ශනයට සමගාමීව නැගෙනහිර සහඋතුරු  පළාත් ඇතුළුව රටපුරා වැනසී යන ජාතික උරුමයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන විශේෂිත ප්‍රදර්ශන කුටිය ද බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික  සම්මන්ත්‍රණ ශාලාව අසළ බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී පැවැත්වේ.සපුමල්ගස්කඩ රජ මහා විහාරයේ සහ කුරුන්දි විහාරයේ විහාරාධිපති අවසරයි පූජ්‍යපාද ගල්ගමුවේ සන්‍තබෝධී හිමි ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් සිදුවන මෙය  කුරුන්දි විහාර වංශය ,පංචමාහාවාදය සහ ශාසනික ඉතිහාසය වැනි ග්‍රන්ථ රැසක් 30%ක පමණ මිලට ලබා ගැනීමේ හැකියාව පවතී.

තිබූ තැනක සොර සතුරෙකුට ගත නොහැකි එකම දෙය නම් දැනුමයි.එම දැනුම එක් රැස් කිරීමේ මග මනා ලෙස කියවීමයි.එමනිසාවෙන්  මෙම සාහිත්‍යය මාසයේ දී කියවන්නට පොතක් මිළදී ගෙන දැනුම පොත පුරවමු.

සටහන - නෙත්මි තෂාරා

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට Read Previous

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Next

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Realted Post

Leave a comment