JOB එකේ ඉහළට යන්න BOSS එක්ක වැඩ කරන හැටි

වගකීමෙන් වැඩ කරන්න

ආයතනයේ ප්‍රධානියා විසින් පනවනු  ලබන රාජකාරී නිවැරදිව, නිසි වේලාවට සිදු  කිරීම මෙහිදී අවධාරණය කරනවා. ආයතනයේ සාර්ථකත්වය සඳහා ඔබ විසින් සිදු කරනු ලබන වැඩ කටයුතු ද බලපාන බැවින් ඒවා වගකීමෙන් යුක්තව ඉටු කිරීමට කටයුතු වෙනවා. 

ප්‍රධානියාගේ වෘත්තීමය ස්වභාවය හඳුනාගන්න

ඔබ වෘත්තීමය මට්ටමෙන් ආයතනයේ ප්‍රධානියාව තේරුම් ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. එහිදී ඔහුගේ රාජකාරී කටයුතු සිදු කරනු ලබන රටාවේ ස්වභාවය කුමක්දැයි හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

සන්නිවේදන රටාව ගැන සැලකිලිමත් වන්න

ඔබගේ ආයතනයේ ප්‍රධානියාව වෘත්තීමය වශයෙන් සමීපව ඇසුරු කිරීම ඉතා වැදගත් වේ. එහිදී ඒ පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතුයි. ඔබ ඔබගේ ප්‍රධානියා සමග රාජකාරී කටයුතු වලදී කරනු ලබන සන්නිවේදනයේ ඵලදායීතාවය මත අදාළ කාර්යයේ සාර්ථකත්වය රඳා පවතී. 


වරද පිළිගන්න

රාජකාරී පරිසරය තුළ ඔබගේ අතින් යම් වරදක් සිදු වුව හොත් එය අවංකව ඔබ විසින් බාර ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එය මග හැරීමට හෝ තවකෙකුට පැවරීමට කටයුතු නොකිරීම ඉතා වැදගත් වේ. 

විධිමත් ලෙස අඳින්න

ආයතනය තුළ ඔබ එක් සාමාජිකයෙකු පමණක් වුවත් ඔබගේ ප්‍රතිරූපය සමස්තකණ්ඩායම,ආයතන ප්‍රධානියා සහ ආයතනය නියෝජනය කරයි. එම නිසා රැකියා පරිසරය තුළ ඔබගේ බාහිර පෙනුම කෙසේ විය යුතු ද යන්න පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වනවා. 

කල්තියා දැනුම්වත් කරන්න

ආයතනයේ වැඩ කටයුතු සිදු කිරීමේදී යම් අතපසු වීමක් සිදු වේ යැයි හැඟේ නම් ඒ පිළිබඳව ආයතන ප්‍රධානියාව කලින් දැනුවත් කර තිබීම ඉතා වැදගත් වේ. මන්ද එවිට ඒ සඳහා ක්ෂණික විසඳුම් වලට එළැඹීමට ආයතන ප්‍රධානියාට හැකියාව හෙයිනි.

උපදෙස්: කුරුණෑගල සන්හිඳ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක සහ මානව සම්පත් සංවර්ධන උපදේශක

කෝසල කුමාරසිංහ 

සටහන -  විශ්වනි හසලා 

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Previous

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක් Read Next

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක්

Realted Post

Leave a comment