Katy Perryගේ ජීවිතෙන් කාන්තා ඔබට හොඳම ජීවිත පාඩමක්

සිහිනවලට සීමාවක් නෑ සිහින අපිව ජීවත්කරවනවා. Katy perry කියන්න අද වෙනකොට සංගීත ලෝකයේ ඉහළින්ම ඉන්න තරුවක්. ඇය හැදී වැඩෙන්නෙ නිදහස අහිමි වුණ වපසරියක් සහිත පරිසරයක. ඇය සංගීත ජීවිතය ආරම්භයේදී පල්ලිය තුළ සිය ගායන කටයුතු සිදු කළා. ගෙදර හිර වෙලා හැදෙන වැඩෙන Katyට පොඩි හරි නිදහස් ජීවිතයක් ගත කරන්න හම්බ වුණේ පල්ලිය නිසා. ඇයට පළවෙනි ගිටාර් එක හම්බෙන්නේ වයස අවුරුදු 13දීය. Katyට ගායිකාවක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. ඇයට මියුසික් ඇල්බම් එකක් කරන්න ආසාවක් තිබ්බා. ඇය එය කළා. නමුත් එය ඇය හිතන තරම් සාර්ථක වුණේ නැහැ. 

ඇයගේ සිහිනය අතාරින්න  Katy සූදානම් වුණේ නැහැ. ඇය විවිධ සංගීත කණ්ඩායම් එක්ක වැඩ කළා. වයස අවුරුදු 14 ගෙදරින් එළියට ඇවිත් ලොස්ඇන්ජලීස්වලදී එයාගෙම ඇල්බම් එකක් කළා. ඇය වසර පහක් පමණ සල්ලි නැතුව විවිධ අගහිඟකම් මැද ජීවත් වෙනවා. ඇය විවිධ තැන් වලදි පවසා ඇත්තේ රෙන්ට් එක ගෙවා ගන්න බැරුව ඇගේ ඇඳුම් පවා විකුණන්න සිද්ද වෙලා තිබෙන බවයි. බොහෝමයක් අවස්ථාවල ඇය තම ජීවිතේ යම් යම් අවස්ථාවලදී ප්‍රතික්ෂේප වී තිබෙනාවා. Katy දැනන්ඉදියා කවදා හරි ඇයගේ මෙම උත්සාහයට කවදාහරි දවසක ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා. 2007 ඇය ගීතයක් ගායනා කරනවා. ඇය හිතපු විදියටම මෙම සිංදුව ලොව පුරා ජනප්‍රිය වෙනවා 2014 Katy Best Selling Digital Artist වෙනවා. අසාර්ථක වුණු ගමනේ Katy සාර්ථකත්වයේ හිනි පෙත්තටම ගමන් කරනවා. 

Katy මේ වෙනකොට අමෙරිකන් ගායිකාවක්. ඇය ලස්සනයි. Katy ගේ පෙම්වතා  Russell Brand ඔවුන් කසාද බැන්දේ 2010දි. මුලු හොලිවුඩයටම ආදරය කළා ඔවුන්ට. හැබැයි කසාද බැඳලා හරියටම අවුරුද්දකට පස්සේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුන මොහොතක කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ විදිහකට ඔහු ඇයගෙන් Divorce එක ඉල්ලනවා. ඒ Katy දැවැන්ත ප්‍රසංගයකට සහභාගි වෙන්න මොහොතකට කළින්. ඔහු ඇයට කෙටි පණිවිඩයක් එවනවා දික්කසාදය ඉල්ලලා. ඒ මොහොතේදි ඇය ළඟ හිටපු මිතුරා ඇයට කියනවා, " Katy ඔයාට මේ වෙලාවේ option දෙකක්  තියෙනවා. 

ඔයාට මේ වෙලාවේ ඕන නම් මේ ෂෝ එක කැන්සල් කරන්න පුළුවන් කැන්සල් කරලා ගෙදර යන්න පුළුවන්,  එහෙම නැත්නම් අද ඔයාගේ හොඳම ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. 

ඔයා හිතන්නේ Katy මොනවා කරන්න ඇතිද? 

Katy ගෙදර ගියේ නෑ...

Katyගේ පපුව වේදනාවෙන් පුපුරු ගහද්දී යනවා වේදිකාවට, ඇය ඇයට පුළුවන් උපරිමයෙන් ඇගේ ඉදිරිපත් කිරීම කරනවා. ඇය සින්දු කියද්දී ඇගේ ඇස් වලින් කඳුලු පනිනවා. 

හැබැයි ඇය එම ප්‍රතික්ෂේප වීම ආශිර්වාදයක් කරගන්නවා. කාලය ඇයව සුවපත් කරනවා. ඇය හොළිවුඩයේ ආදායම් පිට ආදායම් වාර්තා තියනවා. ඇය එක තැනකදි මාධ්‍යයට කියනවා, ඇයට එම කෙටි පණිවිඩය ලැබෙන්නට කළින් ඔහුත් ඇයත් කවදාවත් දික්කසාදයක් ගැන කතාකරලා තිබ්බේ නෑ කියලා. 

ඇය බුද්ධිමත් නෑ කියලාද ඔබ කියන්නේ, ඇය ඇගේ වේදනාව වෙනුවෙන් තවත් කෙනෙකුට චෝදනා කරනවා වෙනුවට ඒ කඩා වැටීම හරිගස්සන්න පුළුවන් ක්‍රමයක් හොයා ගත්තා ඇය. 

ජීවිතය කියන්නේ සෑම විටම සාර්ථකත්වයෙන් පමණක් පිරුණු ගමනක් නොවේ. කෙනෙකුගේ ජීවිතයේ ඇතිවන බිඳවැටීම්, විශේෂයෙන්ම ආදර සම්බන්ධතා බිඳවැටීම්, අපව අතිශය දුර්වල කරන්න පුළුවන්. 

එවැනි අවස්ථාවකදී ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන Katy Perryගේ ජීවිත අත්දැකීම අපට වටිනා කතාවක්. 

Katy Perryගේ ගීත—“Roar”, “Firework” වැනි ගීතබිඳවැටුණත්, නැවත නැගී සිටිය හැකි බව කියවෙන ගීත. 

ආදරය බිඳවැටුණත්, ඔබගේ වටිනාකම අඩුවෙන්නේ නැහැ

වේදනාව කියන්නේ තාවකාලිකය, නමුත් ඔබ ඉගෙන ගන්න පාඩම දිගුකාලීනයි.

ජීවිතයේ අඳුරුම මොහොතකදීම, ඔබගේ සැබෑ ශක්තිය එළියට එනවා. 

නැවත ආරම්භ කිරීම දුර්වලකමක් නොව, ධෛර්යයක්.

ඔබ ඔබගේ කතාව ආදරයෙන් ලියන්න පටන් ගන්න. 

ඔබ අද බිඳවැටුණු සම්බන්ධතාවයක්, හිත බර කරන අහිමිවීමක්, හෝ තනිවීමක් අත්විඳිමින් ඉන්නවා නම් මෙය ඔබගේ අවසානයක් නොවේ.

එය ඔබගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ වන මොහොතක් විය හැකියි.

Katy Perryගේ ජීවිතය අපට මතක් කරන්නේ එකම දෙයයි...

වැටීමෙන් නොව, නැවත නැගී නොසිටීමෙනුයි අපි පරාජය වන්නේ.  

ඔබත් ඔබගේ ශක්තිය සොයාගන්න.
ඔබත් ඔබගේ ආලෝකය දල්වන්න.

ඔයාලාට ජය.

සටහන - කසුනි විජේසිංහ 

Mind Talks With Kawi 

 

ඉන්දියානු  ජනරද දිනය මෙරට සමරපු දා Read Previous

ඉන්දියානු ජනරද දිනය මෙරට සමරපු දා

නාමල් රාජපක්ෂ මැතිතුමා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු හමුවෙයි Read Next

නාමල් රාජපක්ෂ මැතිතුමා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු හමුවෙයි

Realted Post

Leave a comment