Nisansala සිනමාවට

නිරූපණ ක්ෂේත්‍රයෙන් සහ  මියුසික් වීඩියෝස්  වලින් කලා  ක්ෂේත්‍රයට  පිවිසි ඇය  මේ  වනවිට ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  මේ දිනවල ටෙලි නාට්‍ය  දෙකකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඇය නිසංසලා මධුෂාණි

  • මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දවස්වල  ටෙලි නාට්‍ය දෙකක හා  මියුසික් වීඩියෝ  කිහිපයක  වැඩ කටයුතු  කරමින් සිටිනවා.

  • ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබෙන්නේ ?

මම මුලින්ම  වැඩ ආරම්භ කරන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ.  ඒ අතරතුර   වෙෙළඳ දැන්වීම් වලටත්  සහභාගි වුණා.  ඉන්පසු  ලලිත් වසන්ත මහත්මයාගේ  නීල පබළු. ටෙලි නාට්‍යය සඳහා  ආරාධනාවක් ලැබෙනවා.  මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනය නීල පබළු . 

  • වැඩිපුරම ප්‍රතිචාර  ලැබුණු නිර්මාණය?

පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ  චරිතයට  මට හිතාගන්න බැරි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා.  

  • නිරූපණ ක්ෂේත්‍රය අත්හැරලද?

 නිරූපණ කටයුතු කරන්නේ  අඩුවෙන්. පසුගිය දවස්වල  අලුත් ආරාධනාවක් ලැබුණා. ඉදිරියේදී ඒ සඳහා සහභාගි වෙන්න  සූදානමින් ඉන්නවා.

  • සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

සිනමාවට මම කැමතියි.  මේ වන විට අලුත් චිත්‍රපටයකට ආරාධනාවක් ලැබී තිබෙනවා.

  • ගෙදරින් ලැබෙන සහයෝගය  කොහොමද?

මුලදි නම් තාත්තාගෙ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ දවස්වල සිටම  අම්මා මගෙත් එක්කම සිටියා. අද මම මේ ඉන්න තැනට එන්න  අම්මගේ ලොකු සහයෝගයක් ලැබුණා.  දැන් නම් තාත්තගේ අකමැත්තක් නැහැ. 

  • ඔබේ ඇස් ස්වභාවිකද නැත්නම් කාච භාවිත කරනවද?

මම කාච භාවිතා කරනවා. මගේ සමේ පැහැයත් සමග ඕනෑම කාච වර්ණයක් ගැළපෙන නිසා ඒ ඒ අවස්ථාවලදී උචිත ලෙස  කාච භාවිත කරනවා. 

  • ඇඟ හැඩට ලස්සනට තියාගන්න මොනවද කරන්නේ?

මාසයකට එක් වතාවක් අනිවාර්යෙන්  ගෝල්ඩ් ෆේෂල් එකක් කරනවා. මානසික සතුට නැත්නම් රූපලාවන්‍ය සත්කාර කරත් වැඩක් නැහැ. එම නිසා මම හැම වෙලාවෙම සතුටින් කාලය ගත කරනවා.

  • ලස්සනට ඉන්න කෑම බීම පාලනය කරනවද?

අපේ ශරීරයේ බාහිර අංග  පිළිබඳ  උනන්දු වෙනවා වගේම  අභ්‍යන්තරය  පිළිබඳවද  උනන්දු වීම වැදගත්. ඒ සඳහා කෑම බීම පාලනයක් අවශ්‍යයි. නමුත් එහෙමයි කියා  මම ආස දේවල් කන්නෙ බොන්නෙ නැතුව ඉන්නේ නැහැ.  මට අවශ්‍යය  හැම ගුණදායක කෑම බීම වේලවල්  අම්මා පිළියෙල කර දෙනවා. මම අනිවාර්යයෙන්ම උදේට  කොළ කැඳ,  පලතුරු,  ජූස් බීමට ගන්නවා. ඒ වගේම හොඳට වතුර බොනවා. හැම කෑම  වේලකට පසුව උණු වතුර බොනවා. 

  • මෙතෙක්  ආ  ගමන් මග ගැන මොකද හිතෙන්නේ?

අද මම මේ ඉන්න තැන ගැන නිහතමානී සතුටක් තිබෙනවා.  මේ වනතෙක්  ආපු ගමන් මගේ  අඩියෙන්  අඩිය ඉහළට ගියා මිසක පහළට වැටුණේ නැහැ.  තව ඉදිරියට යන්න ගමනක් තිබෙනවා.  ඒ ටිකත්  මේ විදියටම ඉදිරියට යනවා.

  • pic -  RANUKA WIJEWARDANE 

 

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක් Read Previous

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක්

රිෂිනි වීරරත්න වනිතාභිමාන සම්මානයෙන් පිදුම් ලබයි Read Next

රිෂිනි වීරරත්න වනිතාභිමාන සම්මානයෙන් පිදුම් ලබයි

Realted Post

Leave a comment