oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයේ වෙනසක්

ලොවක් පිළිගත් ප්‍රමුඛතම ඉංග්‍රීසි ශබ්දකෝෂයක් වන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ සඳහා වචන කිහිපයක් අලුතින් එක් කර තිබේ. ඒ ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන වචන කිහිපයක් ඇසුරිනි.

මෙසේ අලුතින් එක් වූ වචන අතරට කොත්තු රොටී (Kottu roti),මැල්ලුම් (Mallung) යන වචන ඇතුළත් වේ. එසේ ම මෙරට ක්‍රිකට් ක්‍රීඩක ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය සංගීත භාණ්ඩයක් වන පපරේ (Papare) යන වචනය ද ඇතුළත් කර ඇත.

මීට අමතරව කිරිබත් (Kiribath), වටලප්පන් (Watalappan),ඔසරි (Osari),වලව්ව (Walawwa) යන වචන ද මෙම ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කර තිබේ. 

භාෂාමය හා සංස්කෘතිමය වැදගත්කමක් ඇති නව වචන කිහිපයක් මෙසේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කරමින් යාවත්කාලීන කර තිබේ. 

  • සටහන - සහශ්‍රිකා දයානන්ද

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේ Read Previous

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේ

ලෝක විවාහක රූ රැජින තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ් දිනාගනී Read Next

ලෝක විවාහක රූ රැජින තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ් දිනාගනී

Realted Post

Leave a comment