අක්ක බැන්දා නංගිගෙ වෙඩිමත් කියන්නම්

මේ දිනවල අක්ෂි සහ කෝලම් කුට්ටම ටෙලි නාට්‍ය ඔස්සේ නිතර දකින්නට ලැබෙන, කවුරුත් ආදරය කරන ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් සමගයි මේ කතාබහ. මේ රුවැත්තිය අනුරාධා එදිරිසිංහ. පසුගියදා ඇයගේ හොඳම මිතුරියගේ විවාහය වෙනුවෙන් ඇය ගැයූ කුලුඳුල් ගීතයක් නිසාත් මේ දවස්වල හුඟදෙනෙකුගේ අවධානයට සහ ආදරයට ලක්වූ ඇය සමග අපි සුහද කතාබහකට මුල පිරුවේ මේ විදියට.

කොහොමද මේ දවස්වල ලැබෙන ප්‍රේක්ෂක ප‍්‍රතිචාර?

ප්‍රේක්ෂක ප‍්‍රතිචාර නම් ඉතාම ඉහළයි. අක්ෂි සහ කෝලම් කුට්ටම දෙකම බලනවා කියලා තමයි හුඟදෙනෙක් කියන්නේ. 

මේ චරිත දෙකෙන් වැඩිපුරම කැමති?

ඇත්තටම එහෙම කියන්න බැහැ. මොකද මේ චරිත දෙක පරාස දෙකක චරිත දෙකක්. මට තිිබෙන චැලේන්ජ් එක තමයි මේ චරිත දෙක දෙකක් විදියට කරන්න උත්සාහ කිරීම.

පහුගිය දවස්වල ටිකක් කාර්යබහුල වෙලා නේද හිටියේ?

පහුගිය දවස් ටිකේ හුඟක්ම කාලය ගතවුණේ ශලනි අක්කත් එක්ක. එයාගේ විවාහ මංගල්‍යය නිසා. ඒ නිසා ෂුටින් වැඩ කටයුතු අතරේ පොඩි නිවාඩුවක් ගත්තා අක්කගේ වෙඩින් එකේ වැඩවලට. 

ශලනිට හොඳම යාළුවා කියනවට වඩා කැමති අක්කා කියනවට නේද?

ඔව්, ශලනි අක්කත් එක්ක මට තියෙන්නේ හොඳම යාළුකමකට වඩා එහා ගිය සහෝදර බැඳීමක්. ඇත්තටම හුඟදෙනෙක් මගෙන් අහද්දි එයා හොඳම යාළුවා නේද කියලා මම දෙන උත්තරේ තමයි නෑ එයා මගේ අක්කා කියලා. 

අක්ක නම් බැන්දා එතකොට නංගි?

මේ දවස්වල මගෙන් වැඩිපුර අහන ප‍්‍රශ්නයක් ඒක. ඇත්තටම දැන්ම එහෙම කාල වකවානුවක් නැහැ. එහෙම දෙයක් වෙද්දි අනිවාර්යයෙන්ම සිරිකතට කියනවා. 

ශලනිගේ ජීවිතේට එකතු වුණේ හරිමකෙනා කියලා හිතෙනවද?

ඔව්. ශලිනිට ලැබුණේ එයාට ගැළපෙනම කෙනා කියලා මට හිතෙනවා. මොකද ඔහු එයාගේ ජීවිතයට ආවට පස්සේ ඇය සතුටෙන්, සැනසීමෙන්, සැහැල්ලූවෙන් ජීවත් වුණා. 

ඇයගේ ජීවිතේ ලස්සනම දවසේ දෙවැනි මනාලියක් වෙන්න ඔබට ආරාධනා කරද්දි මොකද හිතුණේ?

ඇත්තටම ඒක මට ශලිනි අක්කාගෙන් ලැබුණ සප‍්‍රයිස් එකක්. එයා අක්ෂි නාට්‍යයේ ඩිරෙක්ටර් ශාන් ජයරත්නත් එක්ක කතාවෙලා අපි ෂුටින් කරන වෙලාවක මට නොකියම එතැනට ආවා. එතැනට ඇවිත් මට කාඞ් එක දීලා ඇහුවා ඔයා කැමතිද මගේ වෙඩින් එකේ මේඞ් ඔෆ් හොනර් වෙන්න කියලා? ඇත්තටම මට ඒ වෙලාවේ ඇස්වලට කඳුළු ආවා. ඒක ඒ තරම් ලොකු සතුටක්. එහෙම ආරාධනයක් ලැබෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ.

ඔබ ඇය වෙනුවෙන් කරපු ගීතයට ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා නේද? 

”සුබ නැකතට කුමරි වඩින දා ඒ සතුටට මා හැඬුවා.... සොයුරියේ මට දුන් ආදරේ මනිනු බෑ මෙතකැයි කියා”  ඇත්තටම එහෙම වචන වෙලා තිබුණේ ඇය සමග මට තිබුණු බැඳීම. ඉතින් ඒ උත්සාහය සාර්ථක වුණා. 

එදා දෙන්නම හොඳටම ඇඬුවා නේද?

ඔව්, කරපු ගීතයේ විශේෂත්වය තිබුණේ ගීතය ගායනා කළේ මම. ඇත්තටම අපි දෙන්නම ඒ සින්දුව බලලා විනාඩි 5ක් විතර යනතුරු හොඳටම ඇඩුවා. 

නිහත ගැනත් පොඞ්ඩක් කතා කරමු 

නිහත ශලනි අක්කව ගොඩක් ආදරෙන්, සතුටින් බලා ගනීවි කියලා නම් හොඳටම ෂුවර්. නිහත හරිම මිත‍්‍රශීලියි. අවංක හිනාවක් හැම වෙලේම මූණෙ තියෙනවා. 

සටහන - නයනා උදයංගනී 
ඡායාරූපය - රුෂිරු කොළඹතන්ත‍්‍රිගේ

 

 

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Previous

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Next

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

Realted Post

Leave a comment