අරමුණේ නවා තැන තවම හොයනවා - MICHELLE DILHARA

මේ දිනවල විකාශය වන රස රහසක් ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ පොවන ඇය අද වන විට ජාත්‍යන්තර සිනමාවටද රංගනයෙන් දායකත්වය ලබා දී තිඛෙනවා. ඒ දමිළ අධ්‍යක්ෂකවරයකු වන තිනේෂ් කණගරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන අදිරන් චිත්‍රපටියයි. මේ වන විට ඇය පරිසර ක‍්‍රියාකාරීනියක් ලෙසද කටයුතු කරනවා. ඇය මිෂෙල් දිල්හාරා. සිරිකත හැඩ කරන ඇය සමග සිදුකළ  කතා බහෙන් කොටසක් 

කොහොමද කලා ක්ෂේත්‍රයේ තැනක් හදාගත්තෙ?

කුමන හෝ ක්ෂේත්‍රයක වේවා අපි පළමුවෙන්ම ඒ ගැන අධ්‍යයනය කළ යුතුයි. ඒ වගේම මේ ලෝකෙට ඉපදෙන සෑම කෙනෙක්ම උපතින්ම ගෙනාව හැකියාවක් තිබෙනවා ඒ හැකියාව මොකක් ද කියා හොයාගන්න ඕනෑ. ඉන්පස්සෙ මේ හැකියාව හොඳින් පුරුදු පුහුණු වෙලා තමන්ගේ දක්ෂතා ගොඩනඟා ගන්න අවශ්‍යයි. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අද ඉන්න තැනට එන්න යොදාගත් ක්‍රම අනුගමනය කළ යුතුයි. විශේෂම දෙය තමන් කරන දෙයට සියයට සීයක් ආදරය කරන්න. එවිට අපිට අවශ්‍ය තැනට යන්න පුළුවන්.

 


ජිවිත අරමුණේ නවා තැන කොහෝ වෙවිද?

අරමුණේ නවාතැන තවම සොයනවා. මොකද දශකයෙන් දශක මිනිස්සුන්ගේ අරමුණු වෙනස් වෙනවා. කුඩා කාලයේ තිබුණු ඉලක්ක කාලයත් සමගම පවතින ලෝකයත් සමාජයත් සමග අප්ඩේට් වෙලා තිබෙනවා.

මෙතැනින් නැවතුණාම හොඳයි කියලා සිතන අවසන් ඉලක්කයක් මගෙ ඔළුවෙත් තිබෙනවා නමුත් කාලයත් සමග ලැබෙන අවස්ථාව සමග ඒ අරමුණු වෙනස් වෙන්න පුළුවන්. ඔය වගේම මම කවදාවත් වාසනාව විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. අපි මහන්සි වෙලා වැඩ කළොත් විතරයි ඉලක්ක කරා යන්න පුළුවන්. ඒ යන ගමනේදී නොයෙකුත් අවස්ථා ලැබෙනවා සමහර විට ඒවා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය විය හැකියි. වෙනස් වන අරමුණු සමග යන මේ ගමනේදී නවාතැන මෙතන යයි කියන්න බැහැ.

 

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව Read Previous

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව

Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ Read Next

Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ

Realted Post

Leave a comment