අවතැන්වූවන්ට වියළි ආහාර සඳහා ලබා දුන් මුදල වැඩි කර තිබෙනවා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ

වියළි ආහාර ද්‍රව්‍ය සඳහා තනි පුද්ගලයෙක්ට සතියකට ලබා දුන් රුපියල් 1800ක මුදල රුපියල් 2100 දක්වාත්,  පුද්ගලයන් පස්දෙනෙකු සිටින පවුලකට සතියකට ලබා දුන් රුපියල් 3,600ක මුදල රුපියල් 10,500 දක්වාත් වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ  සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව  මෙම සීමාවට යටත්ව වියළි සලකා ලබා දීමට  ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට හැකියාව තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය. 

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ආරක්ෂක ලේකම්වරයාගේ අත්සනින්  1(2025) චක්‍රලේඛය සම්බන්ධව පවතින ආර්ථික තත්ත්වයන් මත ගලපන ලද සහන සේවා සැපයීමේ මිල ගණන් මෙලෙස  සංශෝධන සිදු කර තිබෙන බවත්, මෙහිදී විශේෂයෙන් පවතින ආපදාවේ තීව්‍රරතාව සැලකිල්ලට ගෙන තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම 3(2025) චක්‍රලේඛය අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් 2025-11- 28 වන දින මෙම තත්ත්වය විස්තීරණ ආපදා තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ, ප්‍රාදේශීය ලේකම්වරුන්ට බාධාවකින් තොරව රුපියල් මිලියන 50 දක්වා ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට අවසරය ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට පවතින නෛතික තත්ත්වය වන වියළි ආහාර ද්‍රව්‍ය සඳහා මුදල් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම වෙනුවට, ආපදාවට ලක්වූ පුද්ගලයන්ට ගැලපෙන පරිදි ආහාර ද්‍රව්‍ය ලබා දීය හැකි බව මෙම  නව චක්‍රලේඛය මඟින් පැහැදිලි කර තිබෙන බවත්, තමන්ගේ ප්‍රදේශයේ තත්ත්වයන්ට පවතින වාස්තවික තත්ත්වයන් සමඟ ගැලපෙන පරිදි සුදුසු කමිටුවක් මඟින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරයාට බලය පවරා තිබෙන බවත් ජයතිස්ස මුණසිංහ මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

එමෙන්ම ආපදා සහනසේවා සම්බන්ධයෙන් මහජනතාවට යම් තොරතුරක් ලබා ගැනීමට හෝ දැනුම් දීමට අවශ්‍ය නම් 

* ඍජු දුරකථන අංකය: 011 2665258
* ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) 117 අංකයෙන්

ආපදා සහන සේවා මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකි බවද ඔහු දැනුම් දුන්නේය.

දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර Read Previous

දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Next

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

Realted Post

Leave a comment