අවසන් ගමන් ගිය ඇතිනිය ’’මේරි’’

මේ සිද්ධිය සිදුවන්නේ 1916 වසරේ ඇමරිකාවේ දී යි.
"මේරි" කියන්නේ විශාලත්වයෙන් වැඩි කීකරු ඇතින්නියක්. ඇත්තටම ඇය වහල් සේවිකාවක් කිව්වොත් නිවැරදියි. ඇයගේ ශ්‍රමය මෙසේ සූරා කන්නේ "Sparks World Famous Shows" කියන සර්කස් කණ්ඩායම විසින්. ඒ කාලයේ මේ සර්කස් කණ්ඩායම ඇමරිකාවේ ගොඩක් ප්‍රසිද්ධ බවටයි ආරංචිය.

දවසක් මේරි පාරේ යමින් සිටියදී කොමඩු ගෙඩියක් දැකලා තමන් යන ගමන නවතා කොමඩු ගෙඩිය ගන්න හදනවා. ඒ මොහොතේ ඇගේ පිට මත සිටි ⁣නුපුහුණු ඇත්ගොව්වට කිසිම අවබෝධයක් තිබුණේ නෑ ආපහු මේරිව පාර පැත්තට හරවා ගන්න. හෝටල් රැකියාවක් කළ මොහුට මේරිව මෙල්ල කර ගැනීම පිළිබඳ පළපුරුද්දක් නැහැ.

මේරි ඇතින්නියව පාරට ගන්න බැරි වීම නිසා ඔහු තමා ළඟ තිබුණ හෙන්ඩුවෙන් මේරිගේ කන පිටුපසට අනිනවා. එයින් මේරි විශාල වේදනාවකට පත්වෙන අතර ඇය කලබල වී හොඬ වැලෙන් ඇත් ගොව්වාව රැගෙන පොළවේ ගහනවා. ඇත් ගොව්වා බිම දමා පාගා ඔළුව කුඩු කර එතන දී ම මරා දමනවා.

මෙම සිදුවීම දකින නගරේ මිනිසුන් කලබල වෙනවා. සියලු දෙනා ම මේරිට විරුද්ධව හඬ නඟනවා.

"මේරිව මරන්න" 

හැමෝගෙම එකඟතාවය වූයේ එයයි. මිනිසුන්ගේ විරෝධය වැඩි වනවිට හාම්පුතුන් කලබල වෙනවා. මේරිව එල්ලා මැරීමට මිනිසුන් තීරණය කරනවා. 

මෙම විරෝධතා සමඟ Sparks සර්කස් කණ්ඩායම අන්තිම අඩියට වැටෙද්දී මේරිව නගරයේ බලධාරීන්ට බාර දෙනවා. අන්තිමේ දී ඇයව එල්ලා මැරීමට තීරණය කරනවා.

මෙසේ ඇයව එල්ලා මැරීමට ඔවුන් භාවිත කරන්නේ දොඹකරයක්. ඇත්තටම මේරි කියන්නේ හීලෑ ඇතින්නියක්. එල්ලලා මරන්න දම්වැල් බෙල්ලට දමන විටත් ඇය නිසොල්මන්ව ඉන්නවා. අන්තිමට ඇය දොඹකරයෙන් උඩට ගනිද්දී, ඇගේ බෙල්ල හිර වෙද්දී ඇය කලබල වෙනවා. පළමුවර මේරි බිමට වැටෙනවා. ඇගේ කොඳු ඇට පේළිය බිඳෙනවා. ඇය වේදනාවෙන් කෑ ගැසුවත් එයින් නොනැවතුණ ඔවුන් දෙවැනි පියවර සාර්ථක කරගෙන ඇයව එල්ලා මරනවා. 

මිනිසුන්ගේ කෲරකම් නිසා සතුන්ට සිදුවන අසාධාරණකම වෙනුවෙන් කතා කිරීමට කිසිම උසාවියක් නොමැත.

සටහන - සහශ්‍රිකා දයානන්ද

 

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment