අවුරුදු 12කින් හෝර්ටන්තැන්නට ආ නෙළු

හෝර්ටන්තැනට මේ දවස්වල මහා නෙළු වසන්තය ඇවිත් ලු. මොකක්ද මේ නෙළු වසන්තය කියන්නේ.

අවුරුදු 12කට සැරයක් හෝර්ටන්තැන්න මුල් කරගෙන තමයි මේ නෙළු මල් පිපෙන්නේ. ශ්‍රී ලංකාවේ උස් කඳුකරයට පමණක් ආවේණික වූ නෙළු ශාකයේ මහා පරිමාණයෙන් මල් පිපීම මහා නෙළු වසන්තය ලෙස හඳුන්වනවා. මෙය ස්වභාවදහමේ අතිශය දුර්ලභ සහ අතිශය අලංකාර සිද්ධියක්. 2013 වසරේ තමයි අවසන්වරට නෙළු වසන්තය තිබුණේ. නැවත නෙළු වසන්තය එන්නේ 2037 වර්ෂයේ දී යි.

මේ දවස්වල හෝටර්තැන්නට යන අඩිපාර දෙපැත්තේ නෙළු මල්වලින් පිරී ඉතිරිලා. හැම නෙළු ගහක ම මල් පිරිලා. මේ කාලෙට දෙස්විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂී ස්ථානයක් බවට හෝර්ටන්තැන්න පත්වෙනවා. ඒත් දුකට කරුණ තමා මේ මල් පිපෙන කාලය ගැන සංචාරකයින් හරියට ම දැනුවත් නොවීම.

නිල් පාට නෙළු, දම් පාට නෙළු, කහ පාට නෙළු, සුදු පාට නෙළු හෝර්ටන්තැන්නට යන අයට දැක බලා ගන්න පුළුවන්. ලංකාවේ තිබෙන ගොඩක් නෙළු මල් ලංකාවට ආවේණිකයි. මේවා හෝර්ටන්තැන්න ආශ්‍රිතව හා ඒ අවට කඳුවල දකින්න පුළුවන්.

මල් පිපිලා ඉවර වුණු ගමන් ⁣ගොඩක් දුරට නෙළු ගස් ටික මැරෙනවා. ඒ නිසා "මව් මරා පිපෙන නෙලු" කියලා මේ ගස හඳුන්වනවා. සාමාන්‍යයෙන් මාසයක පමණ කාලයක් මේ වසන්තය තියනවා.

ඉතින් අවුරුදු ගාණකට සැරයක් එන මේ චාන්ස් එක මිස් කර ගන්න එපා.

උපුටා ගැනීම - අන්තර්ජාලය ඇසුරිනි 

සටහන - සහශ්‍රිකා දයානන්ද

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Previous

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Next

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

Realted Post

Leave a comment