ඇයට දැනෙන තැන ඉන්න දෙන්න ඕනෑ
තීක්ෂණ ශ්‍රී විජේසිංහ මීට වසර කිහිපයකට පෙර වඩාත් ජනප්‍රිය වන්නේ තාරුණ්‍යය වෙනුවෙන් අලුත් තාලයට ලිපි ලියූ පුවත්පත් කලාවේදියකු ලෙසය. වර්තමානය වනවිට වේදිකාවද පුංචි තිරයද රංගනයෙන් වසඟ කරගන්නේ ඒ තීක්ෂණමය. කලා ක්ෂේත්‍රයේ හෙට දවස එක මිටකට ගත් තරුණ පරම්පරාව අතරින් සාර්ථක ගමනකට හිමිකම් කියන ඔහු මෙවර සිරිකත තාරුණ්‍යයේ කතා බහට ගොඩවන්නේය.
පොඩි කාලෙ හිටියෙ හමුදාව එක්ක
මගේ ගම වෙන්නේ බොරැල්ල. අපේ තාත්තා යුද හමුදාවෙ නිසා මම පුංචි කාලෙ ඉඳලම හැදුණෙ ආමි ක්වාටර්ස් එකේ තාත්තා දැන් විශ්‍රාමිකයි. අම්මා නම් සොයිසා රෝහලේ මිඩ් වයිෆ් කෙනෙක් ලෙස තාමත් රාජකාරි කරනවා. මම තමයි අපේ පවුලෙ එකම ළමයා. එහෙම වුණා කියලා කිසිම තනිකමක් පාළුවක් නම් දැනුණේ නෑ.
මොකද ක්වාටර්ස් එකේ ගෙවල් 140 ක් විතර තිබුණා. ඒ හැම ගෙදරකම වගේ ළමයි හිටියා. නාගරික පරිසරයක වුණත් අපි එකතු වුණාම ඇත්තටම ළමා කාලෙ උපරිමයෙන් වින්දා.
ජීවිතේ හැදුවෙ පාසල
මගේ පාසල තර්ස්ටන් විදුහල. ජිවිතේ හදපු තැන තමයි ඒ. මට මගේ ජිවිතයේ හොඳම දේවල් ලැබෙන්නෙ පාසලෙන්.
අධ්‍යාපනය වගේම සමාජය එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද? සමාජයක හැසිරෙන්න කොහොමද කියන එක ගොඩනගාගත්තෙ පාසලෙන්. කොටින්ම කොල්ලෙක් වගේ ජීවත්වෙන්න අඩි තාලම හදන්නේ එතැන. ඒ මතක අදටත් සුන්දරයි. මම පාසල ඇතුළේ ක්‍රීඩා කළා කලා කටයුතු කළා. ඒ දේවල්වලට අවස්ථාව ලැබුණා වගේම ජයග්‍රහණත් ගෙනාවා පාසලට.
තරුණ පරපුරට දැන් අවස්ථා තියෙනවා
ලෝකය වෙනස් වෙන කොට තරුණ පරපුරත් වෙනස් වෙනවා. හැබැයි තරුණ පරපුර ශරීරයට වගේම මොළයටත් අවබෝධය දිය යුතුයි කියලයි. මට හිතෙන්නෙ. අතීතයේදී බොහෝ දෙනකුට තමන්ගේ දක්ෂතා එළියට දාගන්න ක්‍රමයක් නෑ. විශිෂ්ට කලාකරුවො පවා ජීවන අරගලය එක්ක කලාවෙන් පිටස්තර දේවල්වලට යොමු වූ අවස්ථා තිබෙනවා. නමුත් දැන් අවස්ථා වැඩියි. තමන්ගේ දක්ෂතා එක්ක එළියට එන්න අලුත් දේවල් ඕනැතරම් තියෙනවා.
මව, බිරිය, සොයුරිය, පෙම්වතිය ආදී කොහොම ගත්තත් ඒ සියලු චරිත මේ සමාජය ඇතුළේ සංකීර්ණයි. ඒ මොකද ඔවුන්ට කරන්න පුළුවන් දේවල් වැඩියි. පොදුවේ ගත්තම කාන්තාව සංකීර්ණ චරිතයක්. නිසි තැන දෙනවා කියන එකට වඩා ඇයට දැනෙන තැන ඉන්න ඉඩ හැරිය යුතුයි කියලයි මට හිතෙන්නෙ
සටහන - සුජිත් ප්‍රසංග
Leave a comment