චුල්ලහත්ථිපදෝපමය දෙසූ පොසොන් පොහොය අදයි

නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ මේ උතුම් පොසොන් පොහෝ දිනයේ දී යි. ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව වශයෙන් පොසොන් පොහොය විශේෂ සිදුවීම් කිහිපයක් මූලික කරගනිමින් අපට වැදගත් වේ.

සිදුහත් බෝධිසත්ත්වයන් දුටු සතරපෙරනිමිතිවල තෙවන නිමිත්ත වන මළමිනියක් දර්ශනය වන්නේ අදවැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකයි. එසේ ම පොසොන් සඳ උදාවත් ම ශාක්‍ය කෝලිය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් සියලු කෙලෙස් නසා මහරහත් ඵලයට පත් වූහ.

තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්ත තිස්ස මහරහත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නව රටකට ධර්මදූතයන් පිටත් කර යැවීය. ඒ සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හත් වසක් ගිය තැනයි. ධර්මාශෝක රජුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ සම්බුදු දහමේ පණිවිඩයත් රැගෙන ලක්දිවට වැඩම කරනු ලැබුවේ ද මේ උතුම් පොසොන් පොහෝ දිනයේ දී යි. 

දෙවන පෑ තිස් නිරිඳු ඇතුළු හතළිස්දහසක පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම ද මෙහි දී සිදුවිය. 

එසේ ම සමචිත්ත පරියාය සූත්‍රය ඇසුරුකොට මිස්සක පව්වේ සිදුකළ ධර්ම දේශනයේ දී බොහෝ දෙව් බඹුන් නිර්වාණාවබෝධය සහ තවත් පිරිසක් මාර්ගඵලාවබෝධය ද ලැබුවේ අසිරිමත් පොසොන් පොහෝ දිනයක දී ය. භණ්ඩුක උපාසක පැවිදි කර උපසම්පදාවෙහි පිහිටුවමින් මෙරට භික්ෂු ශාසනය ද ඇති කළේය.

තව ද බුදුරජාණන් වහන්සේ රුවන්ගෙයි වැඩ හිදීම, ශරීරයෙන් ප්‍රථමවතාවට සවනක් බුදු රැස් විහිදුවීම ද මේ උතුම් දිනයේ දී සිදුවීම විශේෂත්වයකි. 


සහශ්‍රිකා දයානන්ද

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Previous

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය Read Next

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය

Realted Post

Leave a comment