ඔබේ ශක්තිමත් බැඳීම ශක්තිවන්ත දරුවකු බිහි කරයි

දරුවන් හොඳින්ම වර්ධනය වන්නේ ඔවුන්ට ආරක්ෂිත බවක්, ආදරයක් සහ සම්බන්ධතාවයේ ශක්තිමත් බවක් දැනෙන විට. 

ඔබ ඔබේ දරුවා සමඟ ගෙවන ආදරණීය මොහොත,  හුරතල් කතා බහ,  ඔබේ මෘදු ස්පර්ශ, මෙවන් ආදරණීය සම්බන්ධතා සිනහවකින්   බෙදා ගැනීම ආදරණීය දරුවකු බිහි කරන්නක් වනවා.

එවැනිම අවධානයෙන් සවන්දෙන්න. මෙලෙස ගොඩනංවන ලද බැඳීම ඔවුන්ගේ විශ්වාසය සහ ඔරොත්තු දීමේ ඔවුන්ගේ හැකියාව වර්ධනයට පදනමක් වනවා. 

ඔබේ දරුවා ඔබව විශ්වාස කළ හැකි බව දන්නා විට දරුවා  ලෝකය ගවේෂණය කිරීමට, අලුත් දේවල් උත්සාහ කිරීමට සහ අභියෝගවලට මුහුණ දෙන්නෙක් බවට පත් වෙනවා. 

 ශක්තිමත් බැඳීම් එකවරම ගොඩ නැගෙන්නේ නැහැ. ඒවා දිනපතා ඔබෙන් සිදු විය යුත්තක්. දිනපතා සෑම කුඩා නිමේෂයක්ම නිවෙන්න . ලෙංගතුවන්න.  එකී කුඩා ආදරණීය අවස්ථාවන්ගෙන් ගොඩනැගෙන්නෙ ඔබේ දරුවාගේ අනාගතයයි.
නින්දට යන විට කතාවක් කියවීම, දරුවා සමග එකට එක්ව ගීතයක් ගායනා කිරීම හෝ ඔවුන් ස.සම්බන්ධතාවයේ මෙම කුඩා අවස්ථා ‍තුළින් ශක්තිමත්, ආරක්ෂිත දරුවෙකු බිහි කරන්න පුළුවන්.
හොඳින් සවන් දෙන්න.. අපි කතා කළ යුතුයි දරුවා සවන්දිය යුතුයි කියා දෙයක් නැත. 

ඉතිං අද, දැන් ඔබේ බැඳීම ශක්තිමත් කළ හැකි මොහොතක් ගැන,එවන් දෙයක් ගැන  හිතන්න. 

 තවද ජිවිතය වෙහෙසකර වන විට ඔබට ඔබව රිලැක්ස් කර ගැනීමට මෙය රැකුළක් වනු ඇත. 

අශන්ති වරුණසූරිය

යක්ෂාව වේශය ළඟදීම තිරයට Read Previous

යක්ෂාව වේශය ළඟදීම තිරයට

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment