ඔවුන් සියල්ල මතක තබා ගන්නා ඒ ඇස්

පෘථිවියේ සිටින විශාලත ම ගොඩබිම් ක්ෂීරපායි සත්ත්වයා තමා අලියා කියන්නේ. ඒ වගේ ම බුද්ධිමත් ම සත්ත්වයා ද අලියා. මේ එවන් දැවැන්තයෙකුගේ ඇසයි.

ඒ ඇස පිටුපස ඇති දුක වේදනාව, ආදරය, මිහිරි මතක, අමිහිරි මතක සියල්ල අපට සිතාගත නොහැකි තරම් ඉතිහාසයක් කියනවා. 

අලි ඇතුන් දශක ගණනාවකට පසුවත් මිතුරන්ගේ සහ සතුරන්ගේ මුහුණු මතක තබා ගන්නා අතර ඔවුන් තම මරණය ගැන වැලපෙන බව ඔබ දන්නව ද? ඒ තමයි අවාසනාවන්ත ම නිහඬ ඛේදවාචකයකය.

ඔවුන් තම ආදරණීයයන් මියගිය පසු ඔවුන්ගේ ඇටකටු අසල නිහඬව සිටගෙන සිටිනවා. සමහර අවස්ථාවල ඔවුන් හඬනවා. ඒ බව බොහෝ පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා.

මේ ඇස්වල ඇත්තේ රැලි පමණක් නොවේ.

ඒවා ඔවුන්ගේ පැවැත්මේ, සංක්‍රමණයේ සහ මාතෘත්වයේ සිතියම් ය. මෙම ඇස ආදරය, කරුණාව මෙන් ම ප්‍රතික්ෂේප කිරීම් තුළ ඇති රළුබව සහ ඉන් ඇතිවන බිය, වේදනාව, කර්කෂ නියඟ, කුණාටු සහ නැවත ඉපදීම ද දැක තියනවා. නමුත් තවමත් ඔවුන් මේ ඇස්වලින් ඉදිරිය බලනවා.

ලොවට ම නැති අපිට පමණක් ම ඇති මේ සුන්දර දැවැන්තයින්ව රටක්, ජාතියක් විදිහට රැක නොගන්නේ නම් ඔවුන් මිහිපිට ජීවත්වන්නා වූ ඉතාමත් ම මුග්ධයින් බව කිවයුතුයි.

උපුටා ගැනීම - අන්තර්ජාලය ඇසුරිනි 

සටහන - සහශ්‍රිකා දයානන්ද

කාන්තාවනි ඔබේ හීන අතාරින්න එපා.... Read Previous

කාන්තාවනි ඔබේ හීන අතාරින්න එපා....

TVS Knowledge Center රාගමට Read Next

TVS Knowledge Center රාගමට

Realted Post

Leave a comment