කරදඩු කොච්චර ලොකු වුණත් පුතෙක්ට අම්මෙක් තරම් වෙන කවුද?

දකුණු ඉන්දීය සිනමාවේ අත්දැකීම් සපිරි අධ්‍යක්ෂක ශ්‍රැති ප්‍රභාගේ සහ ප්‍රතිභාපූර්ණ තරුණ නිශ්පාදක අභීත ප්‍රකාශ්ගේ සිංහල සිනමාවේ කුලුඳුල් ආගමනය "අභීත" චිත්‍රපටය පසුගිය දා එළිදැක්වුණා. 

තමන්ගේ මව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදුකළ හැකි තරුණයෙක් වටා ගෙතුණු නවතම සිනමාපටය "අභීත" පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්. 

මවගේ චරිතය ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය විසින් ඉදිරිපත් කරයි. 

ත්‍රාසය භීතිය එකට කැටි වූ චිත්‍රපටයක අත්දැකීමක් මෙම චිත්‍රපටයෙන් විඳගැනීමට හැකිය.

චරිත දෙකකට පණ පොවන අභීත තම ජීවිතට තුළ නොසිතූ ලෙස වෙනත් ජීවිතයකය පරිවර්ථනය වීමේදී මුහුණ දෙන අභියෝග රැසක් වටා මෙම චිත්‍රපටය ගෙතී ඇත.  

තම මවගේ ජීවිතය බේරා ගැනීමට අභීත දරණා වෙහෙස සහ මව පුතා අතර ඇති සබඳතාවය කෙතරම්ද යන්න මෙම චිත්‍රපටය මගින් ඉස්මතු වෙයි. 

සටහන -  කසුනි විජේසිංහ 

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව Read Previous

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව

කෝටිපතියෙක් වෙන්න රටින් යන්නම ඕනෙද? Read Next

කෝටිපතියෙක් වෙන්න රටින් යන්නම ඕනෙද?

Realted Post

Leave a comment