කැඩී බිඳී ගිය කැබලි වලින් පවා ජීවිතය ගැට ගසා ගැනීමට ශක්තිමත් වෙන දක්ෂ යක්ෂ ගැහැනු

අමාරුම තැනුත් තදින් අල්ලගෙන සිනාසී රාත්‍රියේ හොරෙන් හඬන කීයක් නම් දක්ෂ යක්ෂ ගැහැනුන්
ඉන්නවද?

ඊට පස්සේ මුකුත් නොවුණා සේ සියල්ලන්ගේ ඇස් වසා නැවත උදෑසන පිපුණු කුසුමක් සේ සිනාසෙන දක්ෂ යක්ෂ ගැහැනු කොතෙකුත් ඉන්නවද?

තමන්ගේ කඳුළු සඟවා අනුන්ගේ කඳුළු පිස, ඔවුන්ගේ මුවඟට සිනහවක් දෙන දක්ෂ ගැහැනු කොතෙකුත් ඉන්නවද?

ඇය එලෙසයි.හදවතේ තිබෙන තුවාල සඟවා ගෙන, වේදනාපිරි මතක තුළ පවා ලස්සනට සිනාසෙන දක්ෂ යක්ෂ ගැහැනු. පෙරළා ලොවක් හදන්න දක්ෂ වෙනවා නැවතකිසිවිටෙක කිසි ලෙසකින් කඩා නොවැටෙන්නට තරම් ශක්තිමත්ව. 

අයිස් ක්‍රිම් කන්න හිතෙන අවස්ථාවක වුණත් කෝපි කෝප්පයක් තෝරා ගැනීමට පවා සිත ශක්තිමත් කරගන්න ගැහැනු. බොහෝ වගකීම් එක අතකින් දරාගෙන අනෙක් අතින් තමාව දරාගෙන සැනසෙන්න තරම් දක්ෂයි. තමාව ප්‍රතික්ෂේප වන තරමටම තමන්ව අල්ලාගෙන ඉන්න තරම් උන් හරිම යක්ෂයි.

නින්ද නැති රාත්‍රීන් ගණනාවකට පසුවත් සුව නින්දක් කවදා හෝ ලැබෙන බව සිතා සැනසෙන ඇය, ඉවසීමට බැරි තැන්හි පවා ලස්සනට ඉවසන ඇය, සම්පූර්ණයෙන්ම ජිවිතය අනුන් වෙනුවෙන් කැප කර තිබියදීත් දිව්‍යමය සුන්දරත්වයෙන් ලෝකය දකින ඇයයි දක්ෂ යක්ෂ ගැහැනිය. 

මනෝ විද්‍යා ප්‍රවීණ දේශිකා හා ලේඛිකා, දුල්මිනි එස්. සෙනවිරත්න

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි Read Previous

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment