කැනඩා විල් ගැන දැනගත යුතුම කතාව

කැනඩාව තුල ලෝකයේ සියළුම රටවල විල් වලට වඩා වැඩි විල ගණනක් පවතිනවා. 

එහි හෙක්ටයාරයකට වඩා විශාල විල් 879,000 කට වැඩි ගණනක් පවතින අතර, කුඩා විල්ද එකතු කළහොත් එය මිලියන ගණනකට ළඟා වෙනවා.

මෙම විල් බොහොමයක් පසුගිය අයිස් යුගයේදී ග්ලැසියර මගින් තැනුණු ඒවා වෙනවා. 

ඒවායේ නිල් ජලය අද කැනඩාවේ ස්වාභාවික සුන්දරත්වයේ ප්‍රධාන අංගයක් ලෙසත් පවතිනවා.

මෙම විල් එකතුව ලෝක මිරිදිය ජලයෙන් සමාන්‍යයෙන් 20%ක් පමණ රඳවා තබාගන්න සමත් වෙනවා.

එම නිසා කැනඩාව පෘථිවියේ විශාලතම මිරිදිය ජලාශ ඇති රටලෙස සැලකෙනවා.

කැනඩාවේ උතුරේ ඇති Greate bear විල, මහා ස්ලේව් විල, සහ එක්සත් ජනපදය සමඟ බෙදාගන්න සුපීරියර් විල සහ හුරොන් විල වැනි දැවැන්ත විල්ද  මේ අතර පිහිටා තිබෙනවා.

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Previous

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක් Read Next

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක්

Realted Post

Leave a comment