කැළණිය සරසවි ආචාර්‍යවරයාගේ බිරිඳගේ සොහොයුරාත් අනතුරෙන් ජීවිතක්ෂයට

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා හදිසි අනතුරකින් පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. 


එම සිදුවීම බොහෝ දෙනෙකුගේ හදවත් කම්පා කරන්නක් විය.

මියගිය ආචාර්යවරයාගේ බිරිඳ මේ වන විට ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. 

සිදු වූ බරපතල රිය අනතුරෙන් පසුව වාහනයේ ගමන් ගත් ඇයගේ සොයුරා මේ වෙන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරනවා. 


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන් ඩී ගයන්ත ගුණේන්ද්‍ර , ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කළා. 


මෙම අනතුර සිදුවන්නේ පසුගිය දිනක ආචාර්ය ගයන්ත ඔහුගේ නිවසේ අයද සමග යාපනයේ විනෝද චාරිකාවකට එක් වීමෙන් අනතුරුවයි. 

 

මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ආචාර්යවරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.


අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ බිරිදගේ බාල සහෝදරයා හා බිරිදගේ මව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටියා.


 බිරිදගේ මව හා දරුවන් තිදෙනා සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබුණා.

නමුත් ඊයේ රාත්‍රියේ දි එම අනතුරෙන් තවත් මරණයක්
 වාර්තා වුණා. 

ඒ දැඩිසත්කාර ඒකකයේ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳගේ සහෝදරයා ජීවිතක්ෂයට පත්වීමත් සමගින්.

ස්ට්‍රච්මාක්ස්  වලට තිත Read Previous

ස්ට්‍රච්මාක්ස් වලට තිත

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි Read Next

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි

Realted Post

Leave a comment