ගැලපගෝස් දූපත්වල උපත ලැබූ gramma

1884 වර්ෂය අවට කාලයේ ගැලපගෝස් දූපත්වල උපත ලැබූ gramma', පුරෝගාමී සංරක්ෂණ වැඩපිළිවෙළක කොටසක් ලෙස 1920 දශකයේ අගභාගයේදී සැන් ඩියාගෝ සත්වෝද්‍යානයට රැගෙන ආවා. 

ඇයගේ වසර 141ක අසාමාන්‍ය ජීවිත කාලය තුළ, ඇය ලෝක යුද්ධ දෙකක්, ඇමරිකානු ජනාධිපතිවරුන් 20 දෙනෙකු සහ ගෝලීය වසංගත දෙකක් පසුකරමින් ඉතිහාසයේ ජීවමාන සාක්ෂිකරුවෙකු බවට පත් වූවා. ඒක හරිම විශේෂ සිදුවීමක්. 

 'සත්වෝද්‍යානයේ රැජින' ලෙස ආදරයෙන් හැඳින්වූ ඇයගේ මෘදු සහ ලැජ්ජාශීලී පෞරුෂය, 19 වන සියවසේ සිට පැමිණි මේ සත්වයා දැකබලා ගැනීමට පැමිණි පරම්පරා ගණනාවක අමුත්තන්ගේ ආදරයට පාත්‍ර වුණා. 

වයස්ගත වීමත් සමඟ ඇති වූ අස්ථි ආබාධ හේතුවෙන්, 2025 නොවැම්බර් මාසයේදී සත්වෝද්‍යාන නිලධාරීන් විසින් Gramma ව වේදනා රහිතව මරණයට පත් කිරීමට (euthanize) දුෂ්කර තීරණයක් ගත්තා. 

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඇයගේ වර්ගයා වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල සමාජිකාවක ලෙස, උරග සංරක්ෂණයේ ඇති වැදගත්කම මිලියන සංඛ්‍යාත ජනතාවකට වටහා දීමට ඇය දායක වූවාය.

Gramma දැන් අප අතර නැතත්, ගැලපගෝස් ඉබ්බන්ගේ ගහනය නැවත වර්ධනය කිරීම සඳහා ඇය කළ බලපෑම සැන් ඩියාගෝ සත්වෝද්‍යානයේ ඓතිහාසික මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස සදාකල් පවතිනවා.

සටහන - කසුනි විජේසිංහ 

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment