ජනප්‍රියත්වය හරි තැනින් අල්ලා ගත්තේ නැත්නම් කෙළවෙනවා

කලාකරුවෙකු හෝ ඕනෑම කෙනෙක්ට තමන්ට ලැබෙන ජනප්‍රියත්වය හමුවේ මුහුණ දෙන විවිධාකාර සිදුවීම් ඇත. සියල්ල සමසිතින් විදගන්නා පිරිස් ඇත. ජනප්‍රියත්වය හමුවේ විනාශ වෙන ජීවිතද ඒ අතර සිටී. 

නන් අයුරින් අර්ථකථනය කළ හැකි ජනප්‍රියත්වය ගැන ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා හිතන විදිය, 

ජනප්‍රියත්වය  සුන්දරයි. හැමෝම දගලන්නේ එක්කෝ ජනප්‍රිය වෙන්න නැත්නම් ප්‍රසිද්ධ වෙන්න. හැමෝම කැමතියි. අපි ජනප්‍රියත්වය හරි තැනින් අල්ලා ගන්න ඕන. නැත්නම් ඒක අපිටම ආපහු කරදරයක් බවට පත් වෙනවා. අපිට පුලුවන් වෙන්න ඕන හොද නරක තෝරාබේරා ගන්න. 

ඒවගේම අපි දැකලා තියෙනවා ජනප්‍රිය ජිවිත විනාශ වෙනවා. ඒවායින් දැකලා අපි හැදෙන්න ඕන. ජනප්‍රියත්වය නැති  වෙනකොට සමහරුන්ට ඒක දරාගන්න බැහැ. එක කාලෙක ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ආපු කෙනෙක් මම. මට දවසට ලියුම් 150ක 200ක් ආපු කාල තිබ්බා.

ඒ කාලෙ SMS නැහැ. අපි ජනප්‍රිය වුණේ පත්තරවලින්. ඒ ජනප්‍රියත්වයම කවදාහරි දවසක නැති වෙනවා කියලත් අපි තේරුම් ගන්න ඕන. නැත්නම් එකේ ඇතුලේම අපි ජිවත් වුණොත් ඒක නැති වෙනකොට පිස්සුවක් වෙනවා. සේරම දවසක නැති වෙනවා, ඒ අහිමිවීම් එක්ක ජිවත් වෙන්න කොහොමද කියලා අපි බුද්ධාගමේ කියලා දෙන විදියට තේරුම් ගන්න ඕන.

කතාව විත් අශ් - අශන්ති වරුණසූරිය

TVS Knowledge Center රාගමට Read Previous

TVS Knowledge Center රාගමට

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක් Read Next

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක්

Realted Post

Leave a comment