ජීවිතේ අමාරුයි ඒත් වැටෙන්නේ නෑ

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය තුළ තමන්ගේ නම් Brand එකක් කරගැනීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඉතා විශාල දක්ෂතාවක් අවශ්‍ය වෙනවා. ඇයත් එවැන්නියක්. මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ Brand එකක් බවට පත්ව සිටින ඇය චුල් පත්මේන්ද්‍ර. ඒ වගේම ඇය මේ වන විට තවත් නිරූපණ ශිල්පිනියන් බිහි කරන ගුරුවරියක්. මේ සිරිකත සොඳුරු කතා බහ ඇය සමගයි.

මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස් වල Ramps Come a Live එකට සහ ෂෝ එකකට ඉන්දියාවට යන්න සූදානම් වෙනවා. ඒ වගේම අලුත් ළමයින්ට පුහුණුවීම් කරනවා. මීගමුවෙ අලුත් ක්ලාස් එකක් පටන් ගන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තවත් තැන් කිහිපයක වැඩමුළු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කාර්ය බහුලත්වයත් සමග පුතා එක්ක ගත කරන්න කාලයක් තිඛෙනවාද?

පුතා තමයි මගේ මුළු ලෝකයම. මම කාර්ය බහුල වෙන වෙලාවට හැර අනෙක් හැම වෙලාවකම පුතාගෙ හැම වැඩක්ම කරන්නෙ මම. පුතාව තමයි මගේ ජීවිතයේ මුල් තැන තියෙන්නේ. ඒ වගේම අම්මා, මගේ හොඳම යහළුවන් තුන්දෙනා, මගේ මල්ලි සහ ඔහුගේ බිරිඳ මට ලොකු සහායක් දෙනවා. 

කාන්තාවන්ට මොනවද කියන්න තියෙන්නේ

මේ ලෝකේ කාන්තාවකට කරන්න බැරි දෙයක් නැහැ. ඒ වගේම අපිට තිබෙන විදියට ජීවත් වෙන්න ඕනෑ ඊට වඩා දේවල් කරන්න යන්න හොඳ නැහැ. ලෝකයට පේන්න ජීවත් වෙන්න එපා. අද සමාජයේ ජිවත්වෙන හුඟක් කාන්තාවෝ තමන්ගේ පමණට වඩා ජීවත් වෙන්න ගිහින් ජීවිතය විනාශ කරගෙන තිබෙනවා. සල්ලි නැහැයි කියන එක අපරාධයක් නෙමෙයි. එනිසා තමන්ට හැකි පමණින් ජීවත් වෙන්න. තමන් තමන්වෙලා ජීවත් වෙන්න. එවිට ඔයත් එක්ක ඉන්න ඕන අය ඉඳීවි යන්න ඕන අය යයි. හැම වෙලාවකම ඇත්ත කතා කරන්න. ඇත්ත වෙනුවෙන් පෙනී සිටින්න. ඕනෑම දෙයක් ගැන ඉගෙනගන්න. ඒ වගේම තමන්ටම ආදායම් මාර්ගයක් හදාගන්න. තමන්ටම කියා විශ්වාස වන්ත හොඳ යහළුවෙකුගේ සම්බන්ධතායක් ගොඩනගා ගන්න. මම වගේ තනිව ජීවත්වෙන අම්මා කෙනෙකුට එවැනි සම්බන්ධතාවක් හුඟක් වටිනවා.

තනි කාන්තාවකට ජීවිතය අමාරුයි නමුත් අපි කවදාවත් වැටෙන්න නරකයි. හැම වෙලාවකම මට කරන්න පුළුවන් කියන හැඟීම ඔයාගේ හිතට දැනෙන්න ඕනෑ. 

සටහන - ඉෂංකා ජයසූරිය 

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

හිතටත් ගතටත් වද දෙන නඟන Read Next

හිතටත් ගතටත් වද දෙන නඟන

Realted Post

Leave a comment