දිනෙන් දින නැසී යන ජෛව විවිධත්වය

මේ දිනවල ලෝකය අන් කවරදාටත් වඩා දේශගුණික හා කාලගුණික විපර්යාස වලට ලක් වෙමින් තිබේ. අධික උණුසුම,දරා ගැනීමට අපහසු ශීත දේශගුණය,අධික වර්ෂාපතනය, ග්ලැසියර දිය වී යාම නිසා මුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා කුඩා දූපත් රාජ්‍යයන් යට වීමේ අවදානමක් ආදී මිනිස් ජීවිතය ට අහිතකර ලෙස දේශගුණය ක්‍රියාත්මක වීම දක්නට ලැබේ.

මෙසේ අධික ලෙස දේශගුණික විපර්යාස වලට ලක් වීම පරිසර පද්ධතීන් සහ ජෛව විවිධත්වයට ,සත්ව ලෝකයට හානී දායක ය.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපවිත්‍ර වූ පරිසර පද්ධති, අහිතකර වායූන්, අපිරිසිදු ජල පද්ධතීන් නිසා වෙනස් වී ඇති පාරිසරික කලාප වල ජීවත් වන මිනිසුන් ට ද මේ නිසා වෙන් ජීවිත පිළිබඳ ව අවධානමක් ඇත.

අධික වායූ දූෂනය නිසා ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම.ඒ හේතුවෙන් ශ්වසන රෝග ඇති වීම .අධික උණුසුම නිසා වෙන් ශරීරය විජලනය වීම,දැඩි අව් රශ්මිය ට නිරා වරණය වීම නිසා සමේ රෝග, ආදී ය ඇති වීම හදුනාගත හැක.

මේ දේශගුණික විපර්යාස නිසා ඔබට ඇති වන සුළු බාධා කිහිපයකි.

මීට අමතරව පරිසරය ට ඉන් ඇති වන හානි අති විශාල ය.

වනාන්තර විනාශය, අවිධිමත් ඉදි කිරීම් ,ආදී නිසා මෙන්ම දැඩි කාර්මීකරණය, නාගරීකරණය ආදී හේතූන් ලෝකය පුරා පරිසර පද්ධතීන් ට බලපෑම් කර ඇත.

පරිසර පද්ධතීන් විනාශ වීම මිනිස් ජීවිත සදහා ද දැඩි ව බලපාන නිසා ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම ඔබ අප කාගෙත් සමාජ වගකීමකි.

අන්තර්ජාලය ඇසුරෙනි

දුල්ෂරා මධුවන්ති

TVS Knowledge Center රාගමට Read Previous

TVS Knowledge Center රාගමට

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Next

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

Realted Post

Leave a comment