නිරූපණයට කැමැති ගිටාර් වාදකයා - shaky keyron

නව පරපුරේ දක්ෂ ගිටාර් වාදකයෙකු වන ඔහු  මේ වන විට සංගීත කණ්ඩායමක  වාදකයෙකු ලෙස  කටයුතු කරනවා. ඔහු ශාකි කෙයෝරන්.  මේ වන විට  ඔහු නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඔහු  ගැන තොරතුරු  ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම.

  • සංගීත ශිල්පියෙක් වෙන්න හිතුවෙ ඇයි? 

කුඩා කාලයේ සිටම අසාවක් තිබුණා ගිටාර් වාදකයෙක් වෙන්න. පාසල් වන කාලයේ ගමේ සංගීත කණ්ඩායමක වාදනය කළා. ඒ වගේම පල්ලියේ ගිටාර් වාදකයෙකු ලෙස වැඩ කළා.  2013 දි  රටේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක වාදනය කළා. නිරූපණ ක්ෂේත්‍රය සඳහා යොමු වුණේ මේ ළඟදි. ඒ  මගේ ආතතිය නැතිකරගන්න.

  • පවුලෙ විස්තර මොනවද ?

අපේ පවුලෙ   ඉන්නෙ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි.

  • රඟපාන්නත් අදහසක් තියෙනවද?

මට අවස්ථා ලැබුණා. නමුත් රංගනය මට හරියන්නෙ නැහැ. මට රංගනය බැහැ. ඒ වගේම මට ඒ ගැන ⁣වැඩි කැමැත්තක් නැහැ. සංගීත ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තරයට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම  පසුගිය වසරේ  එළිමහන් ප්‍රසංග වේදිකාව සඳහා සම්මාන  උ‍ලෙළක් තිබුණා  එහිදී  ජනප්‍රියම ගිටාර් වාදකයාට හිමි සම්මානය මට ලැබුණා.

  • ප්‍රේම ආරාධනා එහෙමත් ලැබෙනව ඇති නේද? 

ආදරය සුන්දරයි ලස්සනයි. නමුත් මේ වෙනකොට මම පෙම්වතෙක් නොවෙයි. පෙම්වතෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

  • සංගීත ක්ෂේත්‍රයේ  වාදනයට අමතරව  කටයුතු මොනවාද? 

මම කවර් සෝන්ග්ස් කරලා  තිබෙනවා. ඒ වගේම ගීත රචනා කරලා තිබෙනවා.  අලුත් ගීතවලට තනුව  සහ සංගීතය  සපයනවා.  

  • විලාසිතාවලටත් හුඟක් කැමතියි නේද? 

විලාසිතා කරන්න මම ගොඩාක්  කැමතියි.  තමන්ට ගැළපෙන විලාසිතාව  කරන්න  ලැජ්ජා වෙන්න ඕන නෑ.  විලාසිතා කරනවිට සිතට අමුතු ප්‍රබෝධමත් බවක් දැනෙනවා.

  • ඉදිරි වැඩ මොනවද?

විශේෂ බලාපොරොත්තුවක් නැහැ.  කුඩා කාලයේ  සිටම  තිබුණු බලාපොරොත්තු  හැම එකක්ම  ඉෂ්ට කරගත්තා.  ඉදිරියේදී  මේ ආකාරයෙන්ම  කැමති දේවල්  එක්ක  ජීවිතය විඳින්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒවගේම නිරූපණ  අංශයෙන්  ජාත්‍යන්තර වේදිකාවක  තරග කරන්න බලාපොරොත්තු වෙනවා.

 

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක් Read Previous

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක්

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි Read Next

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි

Realted Post

Leave a comment