පළාත් 07ක ඩෙංගු ඉහළට

වැසි තත්වයත් සමග පළාත් 07ක ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.  

වැසි තත්වයත් සමග පළාත් 07ක ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

බස්නාහිර, දකුණ , සබරගමුව ඌව, උතුර , නැගෙනහිර, මධ්‍යම ඩෙංගු මෙසේ වැඩි වී ඇති පළාත් බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 130ක මදුරු කීට ඝනත්වය වැඩි වී ඇති බවද ඔහු සඳහන් කළේ ය.

මේ තත්වය සැලකිල්ලට ගෙන ලබන 09 වැනිදා සිට 14 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 13ක විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. 

මෙරටින් ඩෙංගු රෝගීන් එක් ලක්ෂ පන් දහස් පන්සිය පනහක් පමණ වාර්තාවී ඇත. 

ඩෙංගුවලින් මේ වසරේ සිදුව අැති මරණ සංඛ්‍යාව 79කි.

ඩෙංගු පැතිරීම වලක්වා ගැනීමට මදුරුවන් බෝවන පරිශ්‍ර වහා විනාශ කර දමන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම රජයේ සහ පෞද්ගලික ආයතන විශ්ව විද්‍යාල පාසල් ආගමික ස්ථාන ඇතුළු පරිශ්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙසටද ඉල්ලීමක් කෙරේ.

පසුගිය කාලයේදී විශ්ව විද්‍යාල සහ පාසල් පරිශ්‍ර විශාල ප්‍රමාණයකින් ඩෙංගු කීටයන් සොයා ගෙන තිබිණ.

Prime සමූහය LMD ඇගයීමට Read Previous

Prime සමූහය LMD ඇගයීමට

මොස්වෝල්ඩ් විලා සුවිශේෂී ඇගයීමක Read Next

මොස්වෝල්ඩ් විලා සුවිශේෂී ඇගයීමක

Realted Post

Leave a comment