පෘථිවියේ සිදුවූ විශාලතම නාය යාම

වසර මිලියන 50 ට  පෙර   ඇමරිකා එක්සත් ජනපදයේ වයෝමිං සහ මොන්ටානා ප්‍රාන්ත අතර (වර්තමානයේ ඒ ප්‍රදේශය යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය ලෙස හඳුන්වයි.) පිහිටා තිබු කන්දක් නාය යෑමකට ලක් විය.එය පෘථිවි ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් සිදු වූ විශාලතම ගොඩබිම් නාය යෑම ලෙස හඳුන්වයි.අඩි 1600 ක් පමණ ඝණකම සහ වර්ග සැතපුම් 400කට වැඩි වපසරියකින් යුතු  මැඩින් හුණුගල් විශාල ප්‍රමාණයක් නාය යාම නිසා අති විශාල භූමි ප්‍රමාණයක් විනාශයකට ලක් විය.


මෙම භාෂාණ ස්ථරය පැයට කිලෝමීටර් සීයකට  වඩා වේගයෙන් පහලට ලිස්සා ගොස් ඇති අතර කිලෝමීටර් 3400 ක   භූමි ප්‍රමාණයක් මේ නාය යාම නිසා ආපදාවට ලක් වූ බව භූ විද්‍යාඥයින් සඳහන් කරයි.


විද්‍යාඥයින් පවසන පරිදි නායාමට හේතුව වී ඇත්තේ ගිනිකඳු ක්‍රියාකාරකම් සහ පොළොවෙහි සිරවී ඇති වායූන් මගින් නිර්මාණය කළ   වායු ධාරාවක් නිසා ඇති වූ පීඩනය හේතු කරගෙන මුළු කන්දම නායාමකට ලක් වූ බවයි. එසේම  පොළොවේ අභ්‍යන්තරයේ සිද්ධවන භූමිකම්පා හේතුවෙන් මෙම නාය යෑම සිදුවන්නට ඇති බවත් විද්‍යාඥයන් මත පල කරයි. වර්තමානයේදීත් ඇමරිකාවේ වයෝමිං හා මොන්ටානා ප්‍රාන්ත අතර  මෙම නාය යාමේ සාක්ෂි ලෙස විශාල සහ සුළු වශයෙන් හුණුගල් පාෂාණ කැබලි දැකගැනීමට හැක.


සටහන  දුල්ෂරා මධුවන්ති

දෙන්නට දෙයක් නැතත් දානයක් දෙන්න පුළුවන්ද? Read Previous

දෙන්නට දෙයක් නැතත් දානයක් දෙන්න පුළුවන්ද?

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Next

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

Realted Post

Leave a comment