මහගෙදර ’’තුල්සි’’ නැවතත් පුංචි තිරයට

2000 වසරේදී ඉන්දියාවේ විකාශනය ආරම්භ වූ "ක්‍යූංකී සාස් භී කභී බහූ තී" ටෙලි නාට්‍යය ශ්‍රී ලංකාවේද අතිශය ජනාදරය පාත්‍ර වූයේ "මහගෙදර" ලෙසයි.

2000 වසරේ සිට 2008 දක්වා විකාශය වූ මෙම ටෙලි නාට්‍යය කොටස් 1833  කින් සමන්විත විය. 

ස්ම්‍රිති ඉරානි මෙම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය  වන "තුල්සි" යන චරිතය හරහා ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් විය.

 ඇය  1998 දී මිස් ඉන්ඩියා තරඟයට ඉදිරිපත්  වූ ඇය ටෙලි තරුවක් ලෙස රංගන ක්ෂේත්‍රයට පා තැබීමට පෙර ඇය මැක්ඩොනල්ඩ් අවන් හලකද සේවය කර තිබේ. 

ඇය පවසන ආකාරයට ඇයට මෙම චරිතය ලැබෙන්නේ අහම්බයකින්ය.

"මට ඒ වෙද්දි ගෙදරින් කියලා තිබුනේ රස්සාවක් හොයාගත්තේ නැති වුණොත් මාව විවාහ කරලා දෙනවා කියලා. මට රස්සාවක් ඕන වෙලා තිබ්බේ.  නාට්‍යයක අතිරේක චරිතයක් සඳහා ගිවිසුම අත්සන් කරන්න ගිය වෙලාවේ ඒක්තා කපූර් (ක්‍යූංකී සාස් භි කභී බහූ තී නාට්‍යයේ අධ්‍යක්ෂිකාව) එතන ඉදලා තියෙනවා ජ්‍යෝතිෂ්‍යවේදියෙක් එක්ක. 
ඒ ජ්‍යෝතිෂයවේදියා මාව පෙන්නලා ඒක්තාට කියලා තියෙනවා කවද හරි අර ගෑණු ළමයා ලෝකෙම ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා කියලා. ඒක්තා මං ළඟට ඇවිල්ලා මගේ අතේ තිබුණු ගිවිසුම ඉරලා දාලා කිව්වා ඔයා අද ඉදන් මගේ "තුල්සි" ඔයා තමයි මගේ අලුත්ම නාට්‍යයේ ප්‍රධන චරිතය, අපි අලුතින් ඉතිහාසය ලියමු කියලා." 

කෙසේවෙතත් මෙලෙස අහම්බයක් නිසා ලොව ප්‍රකට රංගන ශිල්පිනියක් වෙන ස්ම්‍රිති ඉරානි සිය ඇය ප්‍රසිද්ධත්වයේ හිනිපෙත්තේ සිටියදී රංගනය අතහැර දේශපාලනයට පිවිසි අතර ඉන්දීය ලෝග් සභා හෙවත් පාර්ලිමේන්තුවේ ප්‍රබල දේශපාලන චරිතයක් විය.

වසර 25 කට පසු ඇය නැවත "ක්‍යූංකි සාස් භී කභී බහූ තී" දෙවන දිගහැරුම තුළින් "තුල්සි" චරිතයෙන්ම නැවතත් ස්ම්‍රිති ඉරානි සිය රංගන ජීවිතය අරඹා ඇති අතර මේ දිනවල ඉන්දියාවේ විකාශය වන මෙම නාට්‍යයට ස්ම්‍රිති ඉරානිගේ නැවත පැමිණීම නිසාම දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී ඇත.

සටහන -  සුහංසි වීරසිංහ

28 වන  ආසියා පැසිෆික් කලාපීය සමාජ සේවා වැඩමුළුව 2025 Read Previous

28 වන ආසියා පැසිෆික් කලාපීය සමාජ සේවා වැඩමුළුව 2025

තලගොල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් විපතට පත් පිරිස මුදවා ගැනීමට යුද්ධ හමුදා සහාය Read Next

තලගොල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් විපතට පත් පිරිස මුදවා ගැනීමට යුද්ධ හමුදා සහාය

Realted Post

Leave a comment