මුහුද මැද පාවෙන මිනී පෙට්ටියක වසර 4ක් ඉඳපු Aisha

සිතන්න ඔබ එක්තරා දිනයක මුහුද මැද කාත් කවුරුවත් නොමැතිව තනි වුවහොත් ඔබට දැනෙන හැඟීම මොන වගේද? 

ඒක හැබැයි සිර ගෙදරක් නෙවෙයි.

මේ කියන්න යන්නේ සැබැ මනුස්සයෙක්ට විඳින්න වෙච්ච අත්භූත කතාවක්.

ඔබ දන්නවාද අත් හැර දැමූ නැවක් මේ මනුස්සයා දින ගනනක් ජීවත් වෙනවා.

එය හුදෙක් සිරගෙදරක් නොව, ගොඩබිමෙන් ඈත, විදුලිය හෝ ජලය නොමැති, මීයන් සහ කෘමීන් රජ කරන අතහැර දැමූ නැවක් නම්? එය කොතරම් කටුක අත්දැකීමක් වෙයිද? 

මෙය සිරියානු ජාතික නැවියෙකු වන Mohammad Aisha මුහුණ දුන් සත්‍ය කතාවයි.

2017 වසරේදී Mohammad Aisha, බහරේන් ධජය (Bahraini flag) යටතේ යාත්‍රා කළ MV Aman නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන නිලධාරියා (Chief Officer) ලෙස සේවයට එක්වෙලා තිබෙනවා. 

ඔහු එම නැවට ගොඩවූයේ මාස දෙකක කෙටි කාලයක් සඳහා වුවත්, ඔහුගේ ඉරණම එතැනින් වෙනස් වුණා. 

නෞකාව ඊජිප්තුවේ (Egypt) සූවස් ඇළ (Suez Canal) ආශ්‍රිතව නැංගුරම් ලා තිබියදී, කල් ඉකුත් වූ ආරක්ෂක සහතික සහ උපකරණ හේතුවෙන් ඊජිප්තු බලධාරීන් විසින් එය රඳවාගෙන තිබෙනවා. 

ඊටත් වඩා භයානකම සිදුවීම වූයේ, නැවේ හිමිකරුවන් බංකොලොත් වී නැව අතහැර දැමීමයි. 

නීතිමය ක්‍රියාදාමයේ අවාසනාවන්ත ගොදුර බවට පත්වූයේ Aisha ය. ඊජිප්තු අධිකරණයක් විසින් ඔහුව නැවේ "නීතිමය භාරකරු" (Legal Guardian) ලෙස නම් කර තිබෙනවා. 

මෙහි සැබෑ අර්ථය වූයේ, නැව විකිණෙන තෙක් හෝ ප්‍රශ්නය විසඳෙන තෙක් ඔහුට නැවෙන් බැස යාම තහනම් වීමයි. ඔහු නැවට තනිවම වගකිව යුතු සිරකරුවෙකු බවට පත්වුණා. 

නැවේ අනෙක් කාර්ය මණ්ඩලය එම නැවෙන් පිටවගිය අතර අවසානයේ Aisha විශාල නැවක් තුළ තනි වුණා. 

2019 අග භාගයේ සිට ඔහුට සිදු වූයේ "හොල්මන් නැවක්" වැනි වූ මෙම යකඩ ගොඩේ තනිවම ජීවත් වීමටයි. 

විදුලිය විසන්ධි විය. ජලය නැත. 

මුළු නැවම අඳුරේ ගිලී ගිය අතර, එය මීයන්ගේ සහ කෘමීන්ගේ රාජධානියක් බවට පත් විය. 

ඔහු පසුව මෙය විස්තර කළේ "පාවෙන මිනී පෙට්ටියක්" (floating coffin) ලෙසයි. 

තත්වය කොතරම් දරුණු වීද යත්, 2020 දී ඇති වූ කුණාටුවකින් නැව වෙරළට ආසන්නයට ගසාගෙන පැමිණීම නිසා ඔහුට ජීවත් වීමට යම් හෝ අවස්ථාවක් ලැබුණා. 

ආහාර සොයා ගැනීමට සහ ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීමට ඔහු දින කිහිපයකට වරක් පණ බේරාගෙන මුහුදේ පිහිනා වෙරළට යාමට සිදුවුණා. නැවතත් ඒ අඳුරු සිරගෙදරටම පිහිනා ඒමට ඔහුට බලකර තිබෙනවා. 

වසර හතරකට ආසන්න කාලයක් ලෝකයෙන් හුදකලා වී, කායිකව සහ මානසිකව දැඩි පීඩනයකට ලක්ව සිටි Aisha ගේ බේරා ගැනීම සිදුවූයේ ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනයේ (ITF) දැඩි මැදිහත්වීම මතයි. 

2021 අප්‍රේල් මාසයේදී ඔහුට නිදහස ලැබුණා. 

මෙය නූතන නාවික ඉතිහාසයේ වාර්තා වූ අතිශය කණගාටුදායක සහ ආන්දෝලනාත්මක සිදුවීමකි. නාවිකයන්ගේ අයිතිවාසිකම් සහ නීතිමය රැකවරණය පිළිබඳව ලෝකයේම අවධානය යොමු කිරීමට Aisha ගේ කතාව සමත් වෙලා තිබෙනවා.

සටහන - කසුනි විජේසිංහ 

ගර්භනී දියවැඩියාව පාලනයට සුදුසු ආහාර Read Previous

ගර්භනී දියවැඩියාව පාලනයට සුදුසු ආහාර

මනුෂ්‍යත්වය රැගෙන  ’’සයනයිඩ්’’  26 තිරයට Read Next

මනුෂ්‍යත්වය රැගෙන ’’සයනයිඩ්’’ 26 තිරයට

Realted Post

Leave a comment