උණු වතුරෙන් හදන අයිස්

සීතල වතුරෙන් වගේ ම උණු වතුරෙනුත් අයිස් හදනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව් විශ්වාස කරන්න සිද්ධ වෙනවා.මොකද සීතල වතුරෙන් විතරක් නෙවෙයි උණු වතුරෙන් අයිස් හදා ගන්න පුළුවන් නිසා.

සාමාන්‍ය ජලයෙන් නිර්මාණය කරන අයිස් වර්ග වල අභ්‍යන්තරයේ වලාකුළු වගේ  සුදු පැහැයෙන් යුක්ත වන අතර එයට හේතුව ජලය තුළ අඩංගු දේවල් ය.සාමාන්‍ය ජලය නැත්නම් ඇල් ජලය යොදාගෙන නිපදවන අයිස් වල   ඛනිජ සහ අපද්‍රව්‍ය අඩංගු වන නිසා ය සුදු පැහැයට හුරු වේ.

බොහෝ වෙලාවට උසස් තත්වයේ කොක්ටේල් ,සෝඩා වගේ පාන වර්ග වලට විනිවිද පෙනෙන අයිස් කැට එක් කරනවා.

ජලයෙහි තියෙන ඛනිජ ලවණ,ඉවත් කර ගන්න උණු කර ගන්න නිසා වගේම මෙම අයිස් වර්ග   සෑදීම සඳහා යොදා ගන්නේ පිරි පහදු කළ පිරිසිදු ජලයයි.

ජලය උණු කර ගන්නා නිසා  ඔක්සිජන් සහ නයිට්‍රජන් වැනි වායූන් ඉවත් වී වීදුරු වැනි ස්වරෑපයකට පත් වේ.වායූන් නොමැති වීමේ දී ආලෝකය විසිරී යාමකින් තොරව ගමන් කරන නිසා මෙම අයිස් වලට විනිවිද පෙනුම ලබා දෙන බව "why BOiled Water Makes Clear Ice" යන පර්යේෂණ ලිපියෙහි මේ පිළිබඳව  තව දුරටත් සවිස්තරාත්මක ව සදහන් කර තිබේ.

උණු වතුරෙන් සාදන අයිස් සාමාන්‍ය අයිස් වලට වඩා මිළ  ඉහළ ය.වර්තමානය වන විට බාර්, රෙස්ටුරන්ට්, හොටෙල්ස් සහ උත්සව අවස්ථා වන් වලට වැඩි ඉල්ලුමක් සහිත මේ අයිස් වර්ගය මිනිස් ශරිරයටත් හිතකරයි.මන්ද සාමන්‍ය අයිස් වල  ඇති ඛනිජ ලවණයන් මෙහි අඩංගු නොවීම හේතුවෙනි.


සටහන -  දුල්ෂරා මධුවන්ති 

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි. Read Previous

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි.

හිතටත් ගතටත් වද දෙන නඟන Read Next

හිතටත් ගතටත් වද දෙන නඟන

Realted Post

Leave a comment