මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය

2017 වර්ෂයේ මැදභාගයේ සිදු වූ මෙම සිදුවීම කාගෙත් ඇස් අදහාගත නොහැකි සිදුවීමක් විය. 

කළපුවට දිය නෑමට පැමිණි සද්ධන්ත අලියෙක්, ඔහුටත් නොදැනිම සැතපුම් පහක් පමණ ගැඹුරු මුහුදට ඇදීගොස් අතරමං වී භයානක දුෂ්කරතාවයකට මුහුණදීමට සිදු විය.

කොකිලායි කලපුවෙන් සාමාන්‍ය දියනෑමක් ලෙස ආරම්භ වූ මෙම සත්වයාගේ දියනෑම, නොනවතුණු ඉන්දියන් සාගර ජල ප්‍රවාහයකට හසුවී මුහුදේ ඈතට ගසාගෙන යන අතරතුර, කොපමණ දක්ෂ පිහිණුම්කරුවෙක් උනත් ඊට එරෙහිව තම ජීවිතය බේරා ගැනීම සඳහා වූ දරුණු අරගලයක නිරතවීමට සිදුවිය.

ජලයේ පිහිණීමට දක්ෂතාවයක් සහ ප්‍රසිද්ධත්වයක් උසුළන තේජාන්විත ජීවියෙකු හදිසියේම ඉන් පරාජය වී හෙම්බත්වී මුහුදේ ඈතට පාවී යාමට එරෙහිව පොරබැදූ ආකාරය අපට අදහගත නොහැකි සිදුවීමක්. මෙම සත්වයාගේ විපත ගැන අවදියෙන් සිටි ශ්‍රී ලංකා නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වීමත් සමඟ එය කාලයත් සමඟ තරගයක් බවට පත්වී තිබිණ.

කිමිදුම්කරුවන් සහ වනජීවී නිලධාරීන් මෙම යෝධයා බේරා ගැනීම සඳහා පැය 12 ක් පමණ වෙහෙස නොබලා, රළ සමඟ පොරබදමින් වෙහෙස මහන්සි වී වැඩ කරන්නට මෙම මානුෂීය ක්‍රියාන්විතය මෙහෙයවන්නට විය. 

කඹ වලින් පරිස්සමට දැවැන්තයාව ගැටගසාගෙන, ආරක්‍ෂාකාරීව අඟලෙන් අඟලට නැවත මෙම සත්වයාව ගොඩබිම වෙත ගෙන යාමට ඔවුනට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවිය.

ගොඩබිමට රැගෙන ඒමෙන් පසු සම්පූර්ණ ශරීර පරීක්ෂාවකින් පසුව සද්ධන්තයාගේ ජීවත්වීමේ හැකියාව තහවුරු විය. සතාගේ වාසනාවකට පැය ගාණක මුහුද සමඟ පොරබැදීමෙන් හෝ නැවත ලණු දමා ඇදගෙන ඒමෙන් සතාට හෝ ශරීරයට කිසිඳු හානියක් සිදුවී නොතිබිණ.

එම සද්ධන්තයාගේ  ධෛර්යය සහ මිනිසාගේ දයානුකම්පාව පිළිබඳ මෙම හෘදයාංගම කතාව අපට මතක් කර දෙන්නේ මිනිසුන් සහ වන ජීවීන් අතර ඇති විශිෂ්ට බැඳීම සහ රැකිය යුතු සම්පත ආරක්ෂා කිරීමට දයානුකම්පිත මිනිසා නිරන්තරයෙන් දරණ වෙහෙස මහන්සියයි.

මේ සම්බන්දයෙන් අපට තොරතුරු ලබා දුන් නාවික  හමුදා සහකාර මාධ්‍ය ප්‍රකාශක සුදුසිංහ මහතාට අපගේ ස්තුතිය.

 

සටහන - කසුනි විජේසිංහ 

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව Read Next

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව

Realted Post

Leave a comment