මේක වෙනස්ම වැඩක්. හැමෝම කරනවා වගේ නෙවෙයි.

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ අතීතය හා වර්තමානය සසඳමින් සිරිකත Online චරිතයක් සමඟින් කතා බහක් සමඟ සංවාදයට එකතු වුණේ කලා සිත් රූ කලා පදනමේ සභාපති රෝහණ කොස්තා මහතා.

ලංකාවේ කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ ?

  • ඇත්තටම ලංකාවේ කලා ක්ෂේත්‍රය හොඳයි. නමුත් අලුතෙන් බිහිවන ගායකයන්ගේ, නළුනිළියන්ගේ පැවැත්ම තාවකාලිකයි. වර්තමානයේ ටෙනිසන් කුරේ, නිහාල් නෙල්සන් වැනි පැරණි කලාකරුවන් ඇගයෙනවා අඩුයි. දැන් අළුත් කලාකරුවන් නිසා පරණ අයට තැනක් නැ.

ලංකාවේ වේතනපිට තොරන් හැදීමේ තත්ත්වය කොහොමද?

  • කලින් තිබුණ තොරන් නම් ලස්සනයි. දැන් ඒවත් ඔක්කොම තාක්ෂණය සමඟ සම්බන්ධ වෙලා. මම නම් ඒවගෙ ලස්සනක් දකින්නෙ නෑ. ඉස්සර තොරන් චිත්‍ර අතින් ඇන්ඳා. දැන් ඒකත් වෙනස් වෙලා.

ලංකාවේ කලාකරුවන්ට තියන තැන ගැන මොකද හිතෙන්නේ ?

  • ලංකාව තුළ කලාවට තැනක් දෙනවා අඩුයි. ලංකාවේ කලාකරුවන්ගේ දක්ෂතාවයට තැනක් නැහැ. දැන් වෙනස්ම සිස්ටම් එකක් හැදිලයි තියෙන්නේ. චිත්‍ර අඳින්නෙ එක්කෙනෙක්. සල්ලි ගන්නේ තව කෙනෙක්. කලාකරුවෙක් සල්ලි පස්සෙම යන්න හොඳ නෑ.

ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ ?

  • දැන් නම් ටිකක් වැටිලා තියෙන්නේ. කලින් නම් අපිට මතකයි 70, 80  ගණන්වල චිත්‍රපට කර්මාන්තය හොඳ මට්ටමේ තිබුණා. නමුත් දැන් එහෙම නෑ. ඒ කියන්නේ සිනමාවට ආවාට ඒ අයගෙ කිසිම නළුකමක් නෑ. මාලනී ෆොන්සේකා, වසන්ති චතුරාණි වගේ අය ඕනෑම කෙනෙක් අඳුරනවා. ඒ වුණාට දැන් නළු නිළියෝ පාරේ ගියත් අපි දන්නේ නෑ.

ලංකාවේ කලාකාරිනියන් ගැන මොකද හිතන්නේ ?

  • දක්ෂ අය ඉන්නවා. ඒත් පරණ අයගේ තත්ත්වයට අලුත් අයට එන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. දැන් හැදෙන මෙගා නාට්‍යවලත් කිසිම ආදර්ශයක් නෑ. ඒවා තිබ්බ ගමන් මැදින් නතර වෙනවා. නළු නිළියෝ එක පාර අතුරුදහන්වෙනවා.

මේ යන විදිහට ලංකාවේ කලාව මොනවගේ තැනක නවතීද ?

  • ඒක නම් ටිකක් අමාරු තත්ත්වයක තමා තියෙන්නේ. මෙතන වෙන්නේ කලාවක් නෙවෙයි තරගකාරීත්වයක්. දැන් හැම චැනල් එකේම කතා යනකොට මිනිස්සුන්ට තෝරගන්න බෑ මොකක්ද බලන්නේ කියලා. එකම නළුවා, නිළිය හැම කතාවෙම ඉන්නවා. එතකොට ඒකත් එපාවෙනවා. නමුත් ඒ හැම චරිතෙටම සාධාරණයක් කරන්න පුළුවන් අයත් ඉන්නවා.

උපුටා ගැනීම - සිරිකත Online චරිතයක් සමඟින් කතාබහක්

සටහන - සහශ්‍රිකා දයානන්ද

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Previous

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි Read Next

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි

Realted Post

Leave a comment