ලාංකීය සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් අග්‍රාමාත්‍යවරිය අවුරුදු සමරූ හැටි

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සැමරීමේ ජාතික උත්සවය අප්‍රේල් 14 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කඩුවෙල පහළ බෝමිරිය නීතිඥ සමන් ලීලාරත්න මහතාගේ නිවස කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. 

මෙහිදී  අග්‍රාමාත්‍යවරිය පූර්ව භාග 06.44 ට යෙදුණු සුබ නැකතට අඹ පැළයක් රෝපණය කර නව වසරට වැඩ ආරම්භ කළාය. 

ලාංකීය සිරිතට මුල්තැන දෙමින් සිංහල දෙමළ අලුත් අවුරුදුු චාරිත්‍ර ඉටු කිරීම, ජන ක්‍රීඩා, ජන ගායන හා නර්තන අංග රැසක් මෙහිදී දැකගත හැකි විය.  

මෙම උත්සවය බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබිණි. 

මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි,නියෝජ්‍ය අමාත්‍ය මුන්නීර් මුනෆ්ෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසිත නිරෝෂණ හා කෞශල්‍යා ආරියරත්න හා  යන  මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්  සහභාගී වූහ.

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව Read Previous

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට Read Next

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට

Realted Post

Leave a comment