ලාංකේය සිනමාවේ දීප්තිමත්ම තාරකාව ඇයයි...

 

මාලනි ෆොන්සේකා කියන්නේ දශක ගණනාවක හෙළ සිනමාව තුළ රසිකයින් සියලු දෙනාම බලාපොරොත්තු උන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ සිනමා ගමනේ සාර්ථකත්වය කොතරම්ද කියනවා නම් ඇය හඳුන්වන්නේ හෙළ නිළි රැජින ලෙසයි.   පසුගිය අප්‍රේල් 30වැනිදා පැවති ඇගේ උපදිනය නිමිති කරගෙන  සංවිධානය කර තිබූ සුවිශේෂ අවස්ථාවේදී නව පරපුරේ රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් පැවසුවේ මාලනියගේ රංගන පරාසය එක් සීමාවකට පමණක් අයත් නොවූවක් බවයි. ඇය ඇතුළු නව පරපුරේ රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට කලා මං එළිපෙහෙළි කරදුන් හෙළ නිළි රැජිනට ඇගේ සුභාසිංශනයද එක් කළා.

 කලාත්මක සිනමා නිර්මාණ වල වගේම බ්ලොක්බස්ටර් සිනමා නිර්මාණ වලත් මාලනී ෆොන්සේකා ඉතා දක්ෂ ලෙස රසික සිත් අමන්දානන්දයට පත් කළා.  ඇගේ සිනමා ගමන කිසිදා නොමැකෙන සොඳුරු මතකයක් ලෙස ප්‍රේක්ෂක සිත් සතන් තුළ මුල් බැස හමාරයි. 

හෙළ සිනමාවේ නිළි රැජිනියනි, ඔබට දීර්ඝායු පිරි සුබ උපන්දිනයකට සිරිකත අපෙන් සුබපැතුම්! 

විශ්වනී හසලා
ඡායාරූප : මුහුණුපොතෙන්

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Previous

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Next

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

Realted Post

Leave a comment