ලෝක මව්කිරි දීමේ සතිය 2025

2025 වර්ෂය සඳහා ලෝක මව්කිරි දීමේ සතිය ලෙස අගෝස්තු 1 වනදා සිට 7 වනදා දක්වා සතියක කාලයක්  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කොට ඇත. 

මෙම වසරේ මව්කිරි දීමේ සතිය සඳහා වන තේමාව වන්නේ " මව්කිරි ලබා දීමට ප්‍රමුඛතාවය දෙන්න, තිරසාර ආධාරක පද්ධතියක් නිර්මාණය කරන්න" යන්නයි. මෙම සතිය මඟින් අනාගත ලෝකය තිරසර කිරීම මෙන්ම දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ජීවනාරම්භයක් ලබා දීම අපේක්ෂා කෙරේ.

1992 සිට වාර්ෂිකව ලෝක මව්කිරි දීමේ සතිය සමරනු ලැබෙන අතර  1990 දී  මව්කිරි සෑම දරුවෙකුගේම  මූලික අයිතියක් ලෙස පිළිගෙන ඇත.

 මව්කිරි දීම ළදරුවාගේ මෙන්ම  මවගේ ද සෞඛ්‍යට ඉතා වැදගත් වේ. මව්කිරි මඟින් ළදරුවන්ට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිදේහ ලැබෙන අතර එමඟින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වී කෙටි කාලීන සහ දිගු කාලීන විවිධ රෝග පිළිබඳ අවදානම ද අඩු වේ.  මව්කිරි දීමෙන් මව්වරුන්ට ඇතැම් පිළිකා හා දියවැඩියාව ආදි රෝගී තත්වයන් ඇතිවීමේ අවදානම අඩු වන අතර, දරු ප්‍රසූතියෙන් පසු මානසික හා කායික වශයෙන් ඉක්මන් සුවය ලබා ගැනීමටද මෙය උපකාරී වේ.

දරුවා හා මව අතර වන ආත්මීය බැදීම තව තවත් ශක්තිමත් කිරීමට මව්කිරි දීම ඉවහල් වේ.

සටහන - සුහංසි වීරසිංහ

කාන්තාවනි ඔබේ හීන අතාරින්න එපා.... Read Previous

කාන්තාවනි ඔබේ හීන අතාරින්න එපා....

දෙන්නට දෙයක් නැතත් දානයක් දෙන්න පුළුවන්ද? Read Next

දෙන්නට දෙයක් නැතත් දානයක් දෙන්න පුළුවන්ද?

Realted Post

Leave a comment