ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජයගැනීමට මග බලාා හිඳින අනුදි ගුණසේකර පිළිබඳවයි මෙවර සටහන 

අනුරාධපුරයේ උපත ලබා වයස අවුරුදු 19 සිට නිරූපිකාවක් ලෙස අනුදි කටයුතු කළා. 


කුඩා කල පටන්ම ඇයගේ සිහිනයක් වන ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී තිබෙනවා.

ඇය එම තරඟය සඳහා සූදානම් වී සිටියේ වයස අවුරුදු 18 සිටයි. 


ඇගේ නිරූපණ ගමන ඇයට මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කිරීම සඳහා උපයෝගී වී තිබෙනවා. 

ලෝක රූ රැජින තරගය සඳහ රටවල් 120කට වැඩි ප්‍රමාණයක්  සහභාගී වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අප රටට කීර්තියක් අත්කර දීම ඇගේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල සංකේතවත් කිරීමත්, ශ්‍රී ලංකාවේ ප්‍රථම රූ රැජින වන මානෙල් ඉලංගකෝන් මැතිණියට උපහාර පිණිසත් අනුදි ගුණසේකර ලෝක රූ රැජින තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ලා දම් පැහැති ඔසරියකින් සැරසී සිටින්නීය.

 බොහෝ කැපකිරීම්, ධෛර්යවන්ත උත්සාහයන් ඔස්සේ නැගී සිටිමින් ලොව දිනන්නට මං බලන ඇයට සිරිකත අපෙන්  උණුසුම් සුබ පැතුම් ! 

සටහන්: විශ්වනී හසලා

ඡායාරූප : අනුදි ගුණසේකර ෆේස්බුක් පිටුවෙන්

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Previous

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment