ලෝකයේම දෑස් කඳුලින් තෙත් කළ ශෝකජනක කතාව

හීනයකින්වත් නොසිතූ අඳුරු අගාධයකට ඇද වැටුණු සුන්දර තරුණියකගේ ජීවන ගමන ඊයේ (26) නිල වශයෙන් අවසන් වුණා. ඇය නමින් නොයෙලියා කැස්ටිලෝ රාමෝස් ය. 25 හැවිරිදි වියේ පසුවූ ඇය, ස්පාඤ්ඤ රජයේ නීත්‍යානුකූල අවසරය මත "ස්වේච්ඡා මරණය" (Euthanasia) වැළඳගත්තේ මුළු ලෝකයේම අවධානය සහ හෘද සාක්ෂිය දැඩි ලෙස කම්පනයට පත් කරමින්.

නොයෙලියාගේ ජීවිතය උඩුයටිකුරු වූයේ මීට වසර දෙකකට පෙර බාසිලෝනාහිදී ඇය මුහුණ දුන් අතිශය අමානුෂික සමූහ දූෂණයත් සමඟින්. එම සිදුවීමෙන් පසු ඇති වූ දැඩි මානසික කඩා වැටීම දරාගත නොහැකිව ඇය ගොඩනැගිල්ලකින් පැන සියදිවි නසා ගැනීමට තැත් කළ අතර, ඉන් ඇය මිය නොගියද ඇයගේ සිරුරේ පහළ කොටස සදාකාලිකවම අප්‍රාණික වී තිබෙනවා. එතැන් පටන් ගත වූ වසර දෙක පුරා විඳි දරාගත නොහැකි ශාරීරික වේදනාව සහ අමිහිරි අතීතය නිසා ඇති වූ මානසික පීඩනය (Depression) හමුවේ ඇය තෝරාගත්තේ "ගෞරවනීය මරණයයි".

"මට දැන් නිදහස් වෙන්න ඕනේ. මට මේ වේදනාව තවදුරටත් උහුලන්න බැහැ," ඇය නිරන්තරයෙන් ඉල්ලා සිට තිබෙනවා.

ඇයගේ පියා මෙම තීරණයට එරෙහිව අධිකරණය හමුවට ගියද, වසර දෙකක් තිස්සේ ඇය විඳින අසීමිත දුක්ඛිත තත්ත්වය සැලකිල්ලට ගත් යුරෝපීය මානව හිමිකම් අධිකරණය ඇයට තම ජීවිතය පිළිබඳ තීරණය ගැනීමට අයිතිය ඇති බව තීන්දු කර තිබෙනවා. සාමාන්‍යයෙන් සුව කළ නොහැකි කායික රෝගීන් සඳහා ලබාදෙන මෙම අවසරය, මානසික පීඩාව පදනම් කරගෙන තරුණියකට ලබා දුන් දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසගත වනවා. අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී, වින්දිත තරුණියකට මෙවැනි තීරණයක් ගැනීමට සිදු වීම ලෝකයටම ඉතිරි කළේ මහත් සංවේගයක්.

සටහන - කසුනි විජේසිංහ

I Will Always Love You ඩොලී පාර්ටන් Read Previous

I Will Always Love You ඩොලී පාර්ටන්

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3 Read Next

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3

Realted Post

Leave a comment