වයසට Smart අනෝජා වීරසිංහ

ANOJA WEERASINGHE ප්‍රවීණ රංගනවේදිනී

සිය ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවෙන් දෙස් විදෙස් සම්මානයට පානු වූ ජ්‍යෙෂ්ඨ රංගන වේදිනියක ලෙස අනෝජා වීරසිංහ මහත්මය හැඳින්වීම වඩාත් උචිතය. රංගනයෙන් දායක වූ සෑම චරිතයක්ම ප්‍රේක්ෂක හා විචාරක අවධානයට හතු කරලන්නට සමත් වූ අනෝජා මේ වනවිට 'අභින' නම් සිය යෝගා ආශ්‍රමය හරහා ජනතාවගේ මානසික හා කායික සුවය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක නියැලී සිටින්නීය. මේ ඇය සමග අප කළ සංවාද සටහනකින් කොටසක්...  


වැඩිම කාලය 'අභින' එක්ක

මෑතක නම් මම නිර්මාණ කටයුත්තක් සඳහා දායක වුණේ නැති තරම්. අවසන් වශයෙන් රවි අයියගේ වැඩසටහනට ගොඩක් උදව් වුණා. මම මේ දවස්වල වැඩි වශයෙන්ම කරන්නේ යෝගා වැඩ තමයි.

බෙල්ලත් විල 'අභින' යෝගා ආශ්‍රමයේ සතියේ දින 7 පුරාවටම පන්ති පවත්වනවා. ඊට අමතරව බ්‍රිත් විත් අනෝජා ' යූ ටියුබ් නාළිකාවේ කටයුතු කරනවා. ඒ වගේම අංගොඩ මානසික රෝහලේ හා නාවික හමුදාව වෙනුවෙන් වැඩසටහන් රැසක් සිදු කළා.

යෝග කිව්වම යෝග ආසන (ව්‍යායාම) ගැන තමයි හුගක් අය අවධානය යොමු කරන්නෙ. නමුත් මම යෝග මානසික පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරනවා. මොකද මානසිකව කෙනෙක් වැටුනහම කොච්චර අමාරුද කියලා මම දන්නවා. ඒ නිසාම මානසිකව අභියෝග තියෙන අයට යෝග ප්‍රාණයාම හා භාවනා හරහා ඒ තත්ත්වයෙන් එළියට එන්නෙ කොහොමද කියන කාරණය ගැන වැඩි අවධානයක් යොමු කරනවා.

ඊට අමතරව ආයතන සඳහා වැඩමුළු පැවැත්වීමත් සිදුකරනවා. ලබන ජනවාරියට මට අවුරුදු 70ක් ලබනවා. වයස 70ක් වුණත් මම පෙරටත් වඩා ක්‍රියාශීලීව සතුටින් වැඩ කරගෙන ඉන්නවා. මට පැය 24ට තවත් පැය කිහිපයක් තිබුණා නම් හොඳයි කියලා හිතෙන දවස් කොතෙකුත් තිබෙනවා.

(සම්පූර්ණ ලිපිය - 2024.03.23, පුවත්පත) 

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව Read Previous

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව

I Will Always Love You ඩොලී පාර්ටන් Read Next

I Will Always Love You ඩොලී පාර්ටන්

Realted Post

Leave a comment