වසර 100කට වැඩි කාලයක් දඩයම් හෙල්ලයක් ශරීරයේ තබාගෙන සිටි තල්මසෙකු හමුවෙයි...

2007 දී ඇලස්කාවේ දඩයම්කරුවන් විසින් විශ්මයජනක සොයාගැනීමක් සිදු කළහ. ඒ දුනු හිස තල්මසෙකුගේ ශරීරයේ මස්වල තැන්පත් වී ඇති 19 වන සියවසේ දඩයම් හෙල්ලයක කොටසකි.

1885 සහ 1895 අතර කාලය තුළ මෙම තල්මසා විසින් තල්මසුන් දඩයම් කිරීමේ උත්සාහයකින් දිවි ගලවා ගත් බව එම ආයුධයෙන් හෙළි වී තිබේ. එම ආයුධය ශරීරයේ වසර 100 කට වැඩි කාලයක් රැඳී තිබුණත් මෙම සත්ත්වයා ජීවත් වීමට සමත් වී ඇත. මේ අනුව තල්මසාගේ වයස අවම වශයෙන් අවුරුදු 115 ක් පමණ වන අතර දුනු හිස තල්මසුන් පෘථිවියේ දීර්ඝත ම ආයු කාලයක් ඇති ක්ෂීරපායින් අතරින් ද එකෙකි.

වරක් වඳ වී යාමට ආසන්නව සිටි  මෙම ආක්ටික් යෝධයන් ආරක්ෂක නීති සහ දේශීය භාරකාරත්වය යටතේ නැවත ආර්ක්ෂා කරනු ලැබ ඇත. වර්තමාන පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ දුනු හිස තල්මසුන්ට අවුරුදු 200 කට වඩා ජීවත් විය හැකි බවයි. එය ඔවුන්ගේ අක්ෂි කාචවල ප්‍රෝටීන අණුක විශ්ලේෂණය හරහා ද තහවුරු වේ. 

මෙම තලමසුන් අඩි 60ක් දිග සහ ටොන් 100කට වඩා බරින් යුක්ත වේ. එසේ ම ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ස්වභාවධර්මයේ සහ ඉතිහාසයේ විඳ දරාගැනීමේ සාක්ෂියක් බව ද කිව යුතු ය.

උපුටා ගැනීම - අන්තර්ජාලය ඇසුරිනි 

සටහන - සහශ්‍රිකා දයානන්ද

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Previous

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

සූර්යාට ආදර Vacancy තියෙනවා Read Next

සූර්යාට ආදර Vacancy තියෙනවා

Realted Post

Leave a comment