වසර 150කට පසු ස්පාඤ්ඤයේ කිරැල දරන රෑ රැජිනිය

පාපන්දු ලෝකය තුළ ප්‍රමුඛස්ථානයෙහි  පසු වන ප්‍රබල රටවල් අතර ස්පාඤ්ඤයට වැදගත් තැනක් හිමිවෙයි. අතීතයේදී ඔස්ට්‍රියාව  නමින් හැඳින්වූ  වර්තමාන ස්පාඤ්ඤය මේ වන විටත් පාලනය වන්නේ අතීතයේ සිටම පාලනය කරමින් ආ රජ පවුලේ උරැමක්කාරයින් විසිනි.

වර්තමානයේ ලෝකය පුරාම තරුණ තරුණියන්ගේ අවධානය  වැඩි වශයෙන් ස්පාඤ්ඤයට දෙසට යොමු වෙමින් පවතී.ඒ ස්පාඤ්ඤයේ වර්තමාන රජු වන හයවන ෆෙලිපේ රජුගෙන් පසු කිරැල දරන්නට සූදානම් වන සුන්දර  රූ සපුවකට   හිමිකම් කියන ලියනෝර් කුමරිය නිසාවෙනි .

2005 ඔක්තොම්බර් 31 දින හයවන ෆෙලිපේ රජුට සහ ලැටේෂියා රැජිනට දාව වැඩිමහල් දියණිය ලෙස උපත ලද ඇය මේ මොහොත වන විටත් තම නායකත්ව කුසලතා හැකියාවන් වර්ධනය කර ගනිමින් සිටි.රටේ රැජිණිය ලෙස කටයුතු කරන විට දී රටෙහි සියලු සන්නද්ධ හමුදාවන්ට අණ  ලබාදීම සඳහා සම්පූර්ණ බලය හිමිවන්නේ ද ඇයටයි.

ඒ නිසා 2023 වසරේ අගෝස්තු 14 වන දින  සරගෝසා හී හමුදා ඇකඩමියට  බැඳෙමින් වසර තුනක ත්‍රිවිධ හමුදාවන්හි දැඩි පුහුණුව සඳහා ඇය යොමු විය. ස්පාඤ්ඤයේ නීතිය යටතේ අනාගතයේ රට පාලනය කරන රජු හමුදා, නාවික හා ගුවන් හමුදා යන සියලු හමුදා අංශයන්හිම පුහුණුව ලැබිය යුතු නිසා ඇය හමුදා පුහුණුව ආරම්භ කළේය. ඉන්පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙන්න අපේක්ෂිත ඇය තවමත් 20 හැවිරිදි වියේ පසුවේ. තම පියාගෙන් පසු රජකම් කිරීම සඳහා අවශ්‍ය සෑම නායකත්ව ගුණාංගයක්ම ඇය සතු කර ගනිමින් ඉතාමත් දක්ෂ ලෙස කටයුතු කරන ඇයට මේ වන විට භාෂා අටක් පමණ  චතුර ලෙස හැසිරවිය හැකිය .ප්‍රංශ, අරාබි, මැන්ඩරින් චීන, ඉංග්‍රීසි භාෂාවන් ඒ අතර වේ.ස්පාඤ්ඤයේ  ඇති ප්‍රාදේශීය භාෂාවන්ද ඇයට කතා කිරීමට හැකියි.

ඇයගේ දහ අටවෙන උපන්දිනයේ දී ලියනෝර් කුමරිය පාර්ලිමේන්තුව ඉදිරියේ ස්පාඤ්ඤ  ව්‍යවස්ථාවට සහ රටේ ජනතාවට දිවුරා ප්‍රකාශ කිරීමක්  සිදු කිරීය. එයින් තම පියා වන ෆෙලිපේ රජු රට තුළ නොමැති අවස්ථාවන්හිදී ඇයට රට පාලනය කිරීම සදහා ලැබෙන සියලු ම බලතල ඇයට ලැබෙන අතර  එදින ඇය සැවොම ඉදිරියේ සිදු කළ කතාව රටේ පුරවැසියන්ගේ ඇතුළු සෑම දෙනාගේම ප්‍රසාදයට ලක් විය.

ස්පාඤ්ඤ රජ උරුමකරුවන්ට ලැබෙන සියලු සාම්ප්‍රදායික නාමයන් ලියනෝර් කුමරියට ද ලබා දෙන ලදී. ඇස්ටෝරියාස් කුමරිය(princess of Asturias )ජිරෝනා කුමරිය(princess of girona), වියානා  කුමරිය(princess of Viana),මොන්ට් බ්ලෑන්ක් ආදිපාදිවරිය(Duchess of Montblanc), බාලගුවර්  ආර්යාව(lady of balaguer) යන පදවි නාමයි.2025 දෙසැම්බර් මාසයේදී ගුවන් පුහුණුව අතරතුර ගුවන් යානයකින් තනිවම ඇය පියාසර කිරීමට සමත් වූ අතර  එසේ කළේ පළමු කාන්තා රාජකීයා බවටද ඇය පත්විය.  ඇයගේ විලාසිතාවන් අනුගමනය  කරන  තරුණියන් ලෝකය පුරාම සිටියි. සුන්දර රූ සපුවකින් සහ බුද්ධිමත්, දක්ෂ, ශක්තිමත් පෞරුෂයකින් හෙබි ඇය යුරෝපයේ සිටින සුන්දරතම රාජකීය පුද්ගලයින් ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයෙහි පසුවෙයි. ඇය තම පියාගෙන් පසු රජකම් භාරගන්නවා නම් එය ස්පාඤ්ඤ ඉතිහාසයේ වසරේ 150 කට  පසු එනම් දෙවන ඉසබෙලා රැජිණිය ගෙන් පසු රජකම් කරන සන්නද්ධ හමුදාවන්හි සියලු බලයන් හිමි  ප්‍රබල කාන්තා නායිකාව බවට ඉතිහාස ගතවේ.


උපුටා ගැනීම්- අන්තර්ජාලය ඇසුරෙනි.

සටහන  දුල්ෂරා මධුවන්ති

විදෙස් සංචාරකයන්ට  සුඛෝපභෝගී බස්රියකින්  කෑම බීම සියලු පහසුකම් සහිතව  සංචාරයට අනගි අවස්ථාවක් Read Previous

විදෙස් සංචාරකයන්ට සුඛෝපභෝගී බස්රියකින් කෑම බීම සියලු පහසුකම් සහිතව සංචාරයට අනගි අවස්ථාවක්

යාපනය තෛපොංගල් උත්සවය Read Next

යාපනය තෛපොංගල් උත්සවය

Realted Post

Leave a comment