වැටුණු තැන් අදාළම නෑ. ඉන්න තැන ගැන සතුටුයි. රුවන් පෙරේරා

රුවන් පෙරේරා කියන්නෙ රංගන ක්ෂේත්‍රය තුළ සිය රංගන ප්‍රතිභාව මැනවින් ඉටු කරන චරිතයක්.  ඔහු සමගයි මේ කෙටි කතාබහ. 

■ රුවන් පෙරේරා කියන්නේ කවුද? 
සරලවම කිව්වොත් මහ පොළොවේ පය ගහල ඉන්න නිහතමානී චරිතයක්.

■ මේ දවස්වල මොනවද වැඩකටයුතු?
මේ දවස්වල සංසාරිනී ටෙලි නාට්‍යයට එකතුවෙලා ඉන්නවා. ඒ වගේම වේදිකා නාට්‍යයකට සූදානම් වෙනවා. ඊට අමතරව මගේ යූ ටියුබ් චැනල් එකේ වැඩකටයුතු කරගෙන යනවා. 

■ පවුලේ විස්තර ගැන කිව්වොත්?
මගෙ පවුලේ අම්මයි තාත්තයි අයියයි මල්ලියි මමයි, ආච්චි, අම්මා තමයි ඉන්නේ. අපි පවුලක් විදියට හරි සතුටින් ඉන්නවා. එයාලා මට ගොඩක් උදවු කරනවා මගේ කටයුතු සාර්ථක කරගන්න. 

■ ඔබ නිර්මාණවලට දායක වෙද්දි තෝරාගැනීම් කරනවද?
සමහර තැන්වල තෝරා ගැනීමක් කරනවා. ඒ වගේම එහෙම කරපු අවස්ථාත් තියෙනවා. මොකද අපිට ගැළපෙන දේ තෝරා බේරාගෙන වැඩ කරන්න ඕනෑ. එය අපේ ජීවිතේ සාර්ථකත්වයට හුඟක් වැදගත්. 

■ ලංකාවේ නළුවෙකුට හොද ආදායම් මාර්ගයක් තියෙනවද?
ලංකාවේ කිසිම නළුවෙකුට එහෙම ආදායම් මාර්ගයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් ලංකාව මේ වෙනකොට යන විදියත් එක්ක ලැබෙන මුදල කළමනාකරණය කරලා ජීවත් වෙනවා ඇරෙන්න ඉන්දියාවේ නළුවෙකුට තරම් අපිට හම්බ කරන්න බැහැ.ලංකාවේ නළු නිළියන්ට නිසි වටිනාකමක් දෙන්නේ නැහැ. එහෙම වටිනාකමක් දෙන්න රට පෝසත් නැහැ. කලාවට තැනක් නැහැ. රාජ්‍ය අනුග්‍රහය කලාවට ලැබෙනවා නම්, ලංකාවේ කලාව මීට වඩා තැනකට ගේන්න පුළුවන්. 

■ ඉදිරි වැඩ කටයුතු ගැනත් මතක් කළොත්?
දැනට මගේ චිත්‍රපටි දෙකක් එන්න තියෙනවා. ඒ ජැක්සන් ඇන්තනී මහත්මයාගේ එකගෙයි සොකරි සහ එරංග සේනාරත්නගේ පිරිමිආදරයක් යන චිත්‍රපට දෙක. ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

■ මොනවද ඉස්සරහට කරන්න ඉන්න අලුත් වැඩ 
ඉස්සරහට මගේ යූ ටියුබ් චැනල් එකත් එක්ක ලොකු වැඩ ටිකක් හිතාගෙන ඉන්නවා. ඒක වෙනස්ම දෙයක් වෙයි. 

■ මෙතෙක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
හරිම සුන්දරයි. පොඩි කාලේ ඉඳන්ම තිබුණු හීනයක්. මොකද මම බලාපොරොත්තු වුණු අරමුණට එන්න මට පුළුවන්කමක් තිබුණා. මම ඒ හීනෙට දැන් ඇවිත් ඉන්නවා. මට ඒක ගැන නිහතමානී සතුටක් තියෙනවා. වැටුණු තැන් තියෙන්න ඇති. නමුන් ඒවා මම මගේ ජීවිත ගමනට බාධාවක් කරගත්තෙ නැහැ.

  • සටහන  - කසුනි 

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් Read Previous

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි? Read Next

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි?

Realted Post

Leave a comment