වැඩිහිටි ඔවුන් රැක ගැනීමද අපගේ වගකීමක්

ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් ඔක්තෝම්බර් 01වෙනිදා වන අද දිනයට යෙදී තිබෙනවා. 

මෙවර වැඩිහිටි දිනයේ තේමාව වන්නේ, "වෙනස් වෙන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තුදීමේ හැකියාව යන්නයි.  

වැඩිහිටියන් යන්න අප කුඩා අවදියේ දී සිට සමාජයට යොමු වෙන තෙක්ම අප පසුපසින් සිටිමින් හරි මාර්ගයට යොමු කරන්නා වූ පිරිසකි. 

දරුවන් කුඩා කල පටන් උස් මහත් කරමින් පෝෂණය කරමින් දෙමාපියන් විසින් සිය රැකවරණය ලබා දුන් සේම, දරුවන් විසින් ද පෙරළා සිය රැකවරණය ලෙන්ගතුකම සහ ආදරය වගකීම්සහගත භාවයකින් යුක්තව සිය දෙමව්පියන් හට මෙන්ම ඔවුන් මහලු භාවයට පත් වූ විට අප්‍රමාදව ලබාදීම ප්‍රබල වගකීමක් වේ. 

එවැනි සමාජ වපසරියක් නිර්මාණය කිරීම තුළින් දෙමාපියන් සහ දරුවන් අතරද  දරුවන් සහ දෙමව්පියන් අතර ද ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් වනවා සේම රටපුරා තවදුරටත් වැඩිහිටි නිවාස නිර්මාණය නොවේවි. වැඩිහිටියන්ගේ අගය දැනේවි.

සටහන - කසුනි විජේසිංහ

 

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට Read Previous

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව Read Next

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව

Realted Post

Leave a comment