විපතට පත් ජනතාව බලන්න විපක්ෂ නායක යයි

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක සංචාරයක නිරත විය.

එහිදී ගංවතුරෙන් විපතට පත් ජනතාව රැදී සිටින කඩුවෙල කොතලාවල මහා විද්‍යාලයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව වැඩිදුටත් සඳහන් කළේය.

එවැනිම කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ජලයෙන් යටවීම හේතුවෙන් පීඩාවට පත් ජනතවාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) ප්‍රදේශ ගණනාවක සංචාරයක නිරත විය.

ජලගැලීම් නිසා පීඩාවට පත් ජනතාව රැඳවා සිටින ඵෙතිහාසික සංඛපිටිඨ විහාරස්ථානයට ගොස් එහි සිටි ජනතාවගේ සුවදුක් සහ අඩුපාඩු සොයා බැලීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

එහිදී එම ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට Read Next

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට

Realted Post

Leave a comment