විපතට පත් ජනතාව බලන්න විපක්ෂ නායක යයි

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක සංචාරයක නිරත විය.

එහිදී ගංවතුරෙන් විපතට පත් ජනතාව රැදී සිටින කඩුවෙල කොතලාවල මහා විද්‍යාලයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව වැඩිදුටත් සඳහන් කළේය.

එවැනිම කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ජලයෙන් යටවීම හේතුවෙන් පීඩාවට පත් ජනතවාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) ප්‍රදේශ ගණනාවක සංචාරයක නිරත විය.

ජලගැලීම් නිසා පීඩාවට පත් ජනතාව රැඳවා සිටින ඵෙතිහාසික සංඛපිටිඨ විහාරස්ථානයට ගොස් එහි සිටි ජනතාවගේ සුවදුක් සහ අඩුපාඩු සොයා බැලීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

එහිදී එම ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න... Read Previous

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න...

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’ Read Next

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’

Realted Post

Leave a comment